2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

මොසැම්බික් හිරෙන් දහස් ගණනක් පනිති!

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

මතභේදයට තුඩු දී ඇති මැතිවරණ ප්‍රතිඵල හේතුවෙන් රටේ උද්ගතව ඇති දේශපාලන නොසන්සුන්තාව ප්‍රයෝජනයට ගනිමින් සිරකරුවන් 1,500 කට අධික පිරිසක් මොසැම්බික් හි බන්ධනාගාරයකින් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ආරක්ෂකයන් සමඟ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 33 දෙනකු මිය ගොස් 15 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් ප්‍රධානී බර්නාඩිනෝ රෆායෙල් මාධ්‍ය හමුවකදී පැවසීය. මේ වන විට තවත් පලාගිය පුද්ගලයන් 150 ක් පමණ නැවත අල්ලාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 1975 සිට බලයේ සිටි පාලක ෆ්රෙලිමෝ පක්ෂය ඔක්තෝබර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව මොසැම්බික් හි ඉහළම අධිකරණය විසින් තහවුරු කිරීමට ප්‍රතිචාර වශයෙන් සඳුදා සිට විරෝධතා ආරම්භ විය.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00