ඇමෙරිකාවේ නිව්‌යෝක් නුවර සහ ලුසියානා ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයන් 45 දෙනෙක් තුවාල ලැබූහ. නිව් ඕර්ලියන්ස් හි අලුත් අවුරුදු දින ප්‍රහාරය සිදුකර ඇත්තේ අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් උත්තේජනය ලැබු පුද්ගලයකු බව හඳුනාගෙන ඇත. මේ සිද්ධියට සම්බන්ධ බෝම්බ සාදන ද්‍රව්‍ය FBI නියෝජිතයන් සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් බ්‍රහස්පතින්දා ටෙක්සාස් හි හූස්ටන් හි එහි සැකකරුගේ නිවසේ තිබී සොයා ගන්නා ලදී. එදිනම රාත්‍රී නිව්‌යෝක් නුවර රාත්‍රී සමාජ ශාලාවක් අසලදී සිව්දෙනකුගෙන් යුතු කණ්ඩායමක් විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනකු තුවාල ලබා ඇති බව පසුව වාර්තා විය.
ලුසියානා ප්‍රාන්තයේ නව වසර සමරමින් සිටි ජනතාව අතරට සිය ඩබල් කැබ් රථය අධික වේගයෙන් පදවා එම අනතුර සිදු කළ පුද්ගලයා පසුව ආයුධ අතැතිව රථයෙන් බැස ජනතාවට වෙඩි තබා ඇත. ඔහුගේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු 35 දෙනකු තුවාල ලබා ඇති අතර, පසුව පොලිසිය සමඟ වෙඩි හුවමාරුවකදී සැකකරු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය. ඔහු පැදවූ ඩබල් කැබ් රථයේ පසුපස කොටසේ තිබී අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ධජයක් පොලිසිය විසින් සොයාගනු ලැබීය. සැකකරු ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචිකරුවකු වන බවත්, 42 හැවිරිදි සම්සුඩීන් ජබ්බාර් නමැති එම පුද්ගලයා ඇෆ්ගනිස්ථානයේ හමුදා මෙහෙයුම් සඳහා සහභාගි වූ ඇමෙරිකානු හමුදාවේ හිටපු නිලධාරියකු බවත් වාර්තා විය. විමර්ශකයන් විසින් සියලුම නිරීක්ෂණ වීඩියෝ වඩාත් සමීපව සමාලෝචනය කිරීමෙන් පසුව, ප්‍රහාරයෙන් මියගිය 42 හැවිරිදි යුද හමුදා ප්‍රවීණයකු වන ජබ්බාර් තමන් විසින්ම පුපුරණ ද්‍රව්‍ය ප්‍රදේශයේ සඟවා තබා පසුව ප්‍රහාරයට පෙර ඇඳුම් පවා මාරු කරගෙන ඇති බව නිරීක්ෂණය කර ඇත. විමර්ශකයන් ජබ්බර්ගේ ලැප්ටොප් සහ දුරකථන පවා පරීක්ෂා කර ඇත. මේ සිද්ධි 2 සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙයි.