2025 ජනවාරි 11 වන සෙනසුරාදා

සවුදියේ කාන්තාරයට මහ වැස්සක්

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 150

මැදපෙරදිග කලාපයේ සවුදි අරාබියට දැඩි වර්ෂාපතනයක් ඇද වැටී ඇත. හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නගර රැසක් ජලයෙන් යට වී තිබුණි. අධික වර්ෂාව සහ මීදුම් සහිත තත්ත්වය රියාද් ඇතුළු තවත් නගර රැසකට බලපෑ අතර, මාර්ගවල වාහන ගමනාගමනය දුෂ්කර වී තිබුණි.

ලෝක දේශගුණික කලාප අතර වඩාත්ම උණුසුම් සහ අඩු වර්ෂාපතනයක් සහිත මේ කලාපයේ හටගත් හදිසි වර්ෂාව මත මදීනා සහ ජෙඩා නගරවලට රතු නිවේදන පවා නිකුත් කර තිබූ අතර, ගිගුරුම් සහිත වර්ෂාපතනය සහ වැලි කුණාටු සහිත කාලගුණය දින දෙකකටත් වඩා පැවතිණි.