2025 ජනවාරි 18 වන සෙනසුරාදා

දකුණු අප්‍රිකාවේ රන් පතලක පණ පිටින් වැළලුණු 78ක්!

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

දකුණු අප්‍රිකාවේ ස්ටිල්ෆොන්ටේන් ආසන්න නීති විරෝධී රන් පතලක සැඟව සිටි කණ්ඩායමක මළ සිරුරු 78 ක් බ්‍රහස්පතින්දා වන විට සොයාගෙන තිබුණි. අත්හැර දමනු ලැබූ එම රන් පතලේ අනවසරයෙන් කැණීම් කටයුතු සිදු කළ පිරිසක් අල්ලා ගැනීමට පොලිසිය එම පතල වැටලූ අතර, කැණීම් කටයුතුවල නිරතව සිටින පුද්ගලයන්ට පිටතට පැමිණීමට කළ නියෝග නොතකා තවදුරටත් පතල ඇතුළත සැඟවී සිටීමට උත්සාහ කර තිබුණි.

එහිදී මාස ගණනාවක් තිස්සේ පොලිසිය ආහාර හා ජල සැපයුම් කපා හැරීමට කටයුතු කර තිබූ අතර, වෘත්තීය සමිති විසින් කරකියා ගැනීමට දෙයක් නැතිව යාන්තම් ජීවනෝපාය සලසා ගැනීමට උත්සාහ කළ අහිංසක ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වූ “බිහිසුණු”‍ මර්දනයක් ලෙස මෙය හැඳින්වීය.

මෙයට එරෙහිව දිගින් දිගට නැගුණු ජන විරෝධතා හේතුවෙන් ඉකුත් සඳුදා අධිකරණ නියෝග මත ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වූ අතර, ඉන් 246 දෙනකුගේ දිවි ගලවාගෙන තිබුණි. දුර්වල හා තෝන්තු ගතියෙන් යුතු වූ ඔවුන්ගෙන් සමහරු, මතුපිටට ගෙනැවිත් නීති විරෝධී පතල් කැණීම් සහ සංක්‍රමණ සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගෙන තිබුණි. ජොහැන්නස්බර්ග් නගරයේ සිට නිරිත දෙසින් පිහිටි ස්ටිල්ෆොන්ටයින් අසල කිලෝමීටර් 2 (සැතපුම් 1.5) ක් ගැඹුරේ භූගතව පිහිටා ඇති පතල තුළින් සියලු‍ම දිවි ගලවාගත් අය සහ මළ සිරුරු සොයාගෙන ඇති බව සහතික කිරීම සඳහා ස්වේච්ඡා සේවකයෝ බ්‍රහස්පතින්දා ද යුහුසුළුව සිටියහ. දුසිම් ගණනක් හෝ තවත් සිය ගණනක් මිනිසුන් එහි සිරවී සිටිය හැකි බවට භීතිය පැතිර තිබුණේ පතල තුළ 400 කට ආසන්න පිරිසක් රැඳී සිටි බව සැක පහළව තිබූ නිසාය.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00