රුවන්ඩාවේ සහාය ලත් M23 කැරලිකරුවෝ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ප්‍රධාන නගරය ඉකුත්දා සම්පූර්ණයෙන්ම අත්පත් කර ගත්හ. ගෝමා ගුවන් තොටුපළේ සහ රුවන්ඩා දේශසීමාවේ සම්පූර්ණ පාලනය දැන් කැරලිකරුවන් සතුව ඇත.
කැරලිකරුවන් කණ්ඩායම ගෝමා හි තදාසන්න ප්‍රදේශවල ඉදිරියට යත්ම, කාන්තාවන් සහ ළමයින් විශාල පිරිසක් ආරක්ෂාව පතා නගරය ගැඹුරට පලා ගියහ. පලා ගිය සිවිල් වැසියන්ට දැන් ඔවුන්ගේ පාලනය යටතේ ජීවිතය සමඟ සටන් කිරීමට සිදුව තිබේ. වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සිවිල් වැසියන්ගෙන් නගරයේ රෝහල් පිරී ඉතිරී ගොස් ඇති අතර, ගෝමා හි පදිංචිකරුවන් බොහෝ දෙනෙක් විදුලිය, නළ ජලය සහ ජංගම අන්තර්ජාල පහසුකම් නොමැතිව තම නිවෙස්වල සිර වී සිටිති.