2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

නවදිල්ලියේ මැතිවරණය තීරණාත්මකයි!

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නුවර තීරණාත්මක ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මැතිවරණයක ඡන්ද විමසීම ආරම්භ වී තිබේ. අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය වත්මන් නායක අරවින්ද් කෙජ්රිවාල්ගෙන් නගරයේ පාලනය අත්පත් කර ගැනීමට ඉලක්ක කර තිබේ.

ඉන්දීය අගනුවර භාරව සිටින ඊළඟ රජය තෝරා ගැනීම සඳහා ඡන්දදායකයෝ බදාදා අලු‍යම ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළහ. දිල්ලි සභා ආසන 70 ක් සඳහා වන මේ මැතිවරණයේදී රටේ දේශපාලන දැවැන්තයන් තුන්කොන් තරගයකට මුහුණ දී සිටී. ඒ අනුව ජාතික වශයෙන් දැන් සන්ධාන පාලනයක යෙදෙන අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) වසර 27 කට පසු දිල්ලියේ නැවත බලයට පත්වීමට තරග වදිමින් සිටී. දූෂණ විරෝධී සටන්කාමී අරවින්ද් කෙජ්රිවාල්ගේ නායකත්වයෙන් යුත් පාලක ආම් ආද්මි පක්ෂය (AAP), දශකයක කාලයක් බලයේ සිටීමෙන් පසු, පාලන විරෝධී අරගලයකට මුහුණ දී සිටී. 2024 මහ මැතිවරණයේදී මෝදිගේ BJP ට අභියෝග කිරීම සඳහා පිහිටුවන ලද AAP සහ අනෙකුත් විරුද්ධ පක්ෂ සමඟ සන්ධානයක කොටසක් වන ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය AAP සහ BJP ට එරෙහිව තරග වදියි.

මෝදි සහ ඔහුගේ දැඩි විවේචකයකු වන කෙජ්රිවාල් යන දෙදෙනාම රජයේ පාසල් වැඩිදියුණු කිරීම, නොමිලේ සෞඛ්‍ය සේවා සහ විදුලිය සහ දුප්පත් කාන්තාවන්ට මාසිකව රුපියල් 2,000 කට වැඩි දීමනාවක් ලබා දීම මගින් ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කර ඇත. දේශපාලන විචාරකයන් කිහිප දෙනකු කොංග්‍රසයේ මැතිවරණ ව්‍යාපාරය දුර්වල ලෙස හැඳින්වූ නමුත්, රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි දෙදෙනා ප්‍රසිද්ධ රැස්වීම් 12 ක් පැවැත්වීමත් සමඟ අවසාන සතියේදී පක්ෂයේ මැතිවරණ සටන වේගවත් වී තිබුණි. ප්‍රතිඵල සෙනසුරාදා ප්‍රකාශයට පත් කෙරේ.