2025 මාර්තු 08 වන සෙනසුරාදා

විරෝධතා ගීතයට කස පහර 74 ක්!

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

ඉරානයේ කාන්තාවන් සඳහා පනවා ඇති දැඩි ඇඳුම් පැළඳුම් නීතිරීතිවලට එරෙහිව කතා කළ ප්‍රසිද්ධ ඉරාන ගායකයකු වන මෙහ්ඩි යාරාහිට, ඔහුට එරෙහි අපරාධ නඩුවක් අවසන් කිරීමේ ගිවිසුමක කොටසක් ලෙස කස පහර 74 ක් ලබා දී ඇත.

2023 සැප්තැම්බර් මාසයේදී “කාන්තාවන්, ජීවිතය, නිදහස”‍ නමින් පැවැති ජන නැගිටීමේ පළමු සංවත්සරයේදී ඔබේ හිස් ආවරණය (රූ සාරිටෝ) නමින් විරෝධතා ගීතයක් නිකුත් කිරීමෙන් නීතිවිරෝධී ලෙස ක්‍රියා කළ බවට 2024 ජනවාරි මාසයේදී යාරාහි මුලින් වරදකරු කරනු ලැබුවේය.

ජන නැගිටීම අතරතුර ඔහු ගීතය රචනා කර ඇති අතර ඔහුට ඉන්ස්ටග්‍රෑම් හි මිලියනයකට වඩා අනුගාමිකයෝ සිටිති. සිය දඬුවම සම්බන්ධයෙන්, යාරාහි X හි මෙසේ ලියා ඇත. “මම කස පහර 74 ක දඬුවම ලැබීමට සූදානම්. මෙම අමානුෂික වධහිංසාව හෙළා දකින අතර, එය අවලංගු කරන ලෙස මම කිසිදු ඉල්ලීමක් නොකරමි.” යනුවෙනි. ඒ සමඟ මෙම මධ්‍යකාලීන යුගයට අයත් කස පහර දීමේ පුවත ඉරාන සමාජ මාධ්‍ය තුළ පුළුල් විරෝධයක් ඇති කළේය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00