ට්‍රම්ප් පරිපාලනයේ ආධාර කප්පාදුව හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සිය දකුණු අප්‍රිකානු කාර්යාලය වසා දමා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයකු පැවසුවේ ජොහැන්නස්බර්ග් හි සිය කාර්යාලය වසා දමන බවත් WFP එහි දකුණු සහ නැගෙනහිර අප්‍රිකානු මෙහෙයුම් කෙන්යාවේ නයිරෝබි හි එක් කලාපීය කාර්යාලයකට ඒකාබද්ධ කරන බවත්ය.
මෙම ආයතනයට USAid වෙතින් කොපමණ අරමුදල් අහිමි වී ඇත්දැයි WFPකෙළින්ම ප්‍රකාශ නොකළ නමුත් පසුගිය වසරේ එක්සත් ජනපදයෙන් එයට ඩොලර් බිලියන 4.4 (£බිලියන 3.5) ක ආධාරයක් ලැබී තිබුණි. එය එහි මුළු වාර්ෂික අයවැයෙන් අඩක් පමණ වන අතර දෙවැනි විශාලතම පරිත්‍යාගශීලියා වන ජර්මනිය විසින් ලබා දුන් මුදල මෙන් හතර ගුණයකට වඩා වැඩිය.