තම අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබන බව දලයි ලාමා පවසයි. ටිබෙට් බුද්ධාගමේ අාධ්‍යාත්මික නායකයා ප්‍රකාශයට පත්කර ඇති නව පොතක මේ බව සඳහන් කර ඇත. ලොව පුරා සිටින ටිබෙට් ජාතිකයන්ට 89 හැවිරිදි දලයි ලාමාගේ මරණයෙන් පසුවද ඔහුගේ ආයතනය දිගටම පැවතීමට අවශ්‍ය බව ඔහු සිය “හඬක් නැති අය සඳහා හඬ” නමැති ග්‍රන්ථයේ ලියා ඇත.
ආධ්‍යාත්මික නායකයන්ගේ පෙළපත ඔහු සමඟ අවසන් විය හැකි බව ඔහු මීට පෙර පවසා තිබුණි. නමුත් ඔහුගේ නව පොත තුළ, දලයි ලාමා විසින් ඔහුගේ අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත “නිදහස් ලෝකයේ” උපත ලබන බව පළමු වරට සඳහන් කර ඇත. දශක හයකට වැඩි කාලයකට පෙර මාඕ සේතුංගේ කොමියුනිස්ට්වාදී පාලනයට එරෙහි අසාර්ථක නැගිටීමකින් පසු 1959 දී 14 වැනි දලයි ලාමා වූ ටෙන්සින් ග්යාට්සෝ වයස අවුරුදු 23 දී තවත් දහස් ගණනක් ටිබෙට් ජාතිකයන් සමඟ ඉන්දියාවට පලා ගියේය.