2025 මාර්තු 15 වන සෙනසුරාදා

OPEC+ කණ්ඩායමට බ්‍රසීලයත්!

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

ලොව ප්‍රධාන තෙල් රාජ්‍යයක් බවට තම රට පරිණාමය වීම සනිටුහන් කරමින්, ප්‍රධාන තෙල් අපනයනය කරන ජාතීන්ගේ කණ්ඩායමක් වන OPEC+ හා සම්බන්ධ වීමට බ්‍රසීල රජය අඟහරුවාදා අනුමැතිය ලබා දුන්නේය. එරට මේ අනුමැතිය ලබා දුන්නේ එක්සත් ජාතීන්ගේ වාර්ෂික දේශගුණික සමුළුව පැවැත්වීමට මාස නවයක් තිබියදීය. 2023 දී ලද නිල ආරාධනයකට ප්‍රතිචාර වශයෙන් එරට ජාතික බලශක්ති ප්‍රතිපත්ති කවුන්සිලයේ අනුමැතිය මෙලෙස ලැබුණි.

මෙම OPEC+ කණ්ඩායමට වෙළෙඳපොළවල් ස්ථාවර කිරීම සඳහා තෙල් නිෂ්පාදනය සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරන දිගුකාලීන කණ්ඩායමක් වන OPEC හි සාමාජිකයන් 12 දෙනා සහ රුසියාව සමඟ විශාලතම තෙල් නිෂ්පාදනය කරන තවත් වැදගත් රටවල් 10 ක් ඇතුළත් වේ.

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00