2025 මාර්තු 15 වන සෙනසුරාදා

අභ්‍යවකාශයේ සිරවූ නාසා ගගනගාමින් ආපසු මහ පොළොවට!

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 13

බලාපොරොත්තු විරහිතව මාස 9 කට ආසන්න කාලයක් අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටි නාසා ගගනගාමින් දෙදෙනා ලබන 16 වැනිදා පෘථිවියට නැවත පැමිණීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කරයි. ලබන 16 වැනිදා සිය ගගනගාමින් දෙදෙනා පෘථිවියට පැමිණීමට නියමිතව ඇත්තේ එලෝන් මස්ක්ට අයත් පෞද්ගලික අභ්‍යවකාශ සමාගමේ ස්පේස් එක්ස් ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයෙන් බවද ඔවුහු වැඩිදුරටත් වාර්තා කරති.

ඔවුන්ගේ නැවත පැමිණීම පහසු කිරීම සඳහා, NASA සහ SpaceX 2025 මාර්තු 12 වැනි බදාදා සවස 7:48 EST (23:48 UTC) ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත Crew-10  මෙහෙයුම දියත් කරන ලදී.

දින අටක පර්‌යේෂණ චාරිකාවක් සඳහා 58 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා නිලධාරිනියක වන සුනිතා විලියම්ස් සහ 61 හැවිරිදි නාවික හමුදා කපිතාන්වරයකු වන බච් විල්මෝර් රැගෙන පසුගිය වසරේ ජූනි මස 5 වැනිදා පෘථිවි කක්ෂයේ පිහිටි අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය නාසා ආයතනයේ ස්ටාර්ලයිනර් යානය නියමිත කාලයේ දී යළි පැමිණීමට නොහැකි වූයේ එහි හිලියම් ද්‍රාවණය කාන්දුවීම ඇතුළු කාර්මික දෝෂ රැසක් හටගැනීම හේතුවෙන් වන අතර, ගගනගාමින් දෙදෙනා එහි තනිකර එම යානය පසුගිය සැප්තැම්බර් මස 7 වැනිදා යළි පෘථිවියට පැමිණ තිබිණි. මාස ගණනාවක් පුරා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටින සුනිතාට සහ විල්මෝර්ට අවශ්‍ය ආහාර ඇතුළු සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ නාසා ආයතනය විසින් අඛණ්ඩව සපයනු ලැබූ අතර, ඒ සඳහා වරින් වර අභ්‍යවකාශ භාණ්ඩ ප්‍රවාහන යානයක් භාවිත කර තිබූ බවද සඳහන් වෙයි.

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00