ජනාධිපති වොලොඩිමර් සෙලෙන්ස්කි සමඟ පැවැති දුරකතන කතාබහකින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේනයේ විදුලි බලාගාරවල අයිතිය එක්සත් ජනපදයට පවරා ගැනීමට යෝජනා කළේය.
පුටින් සම්පූර්ණ සටන් විරාමයක් සඳහා එක්සත් ජනපද ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, සහ පුටින් විසින් පනවන ලද සීමිත දින 30 ක සටන් විරාමය තුළ වුවද සිය බලශක්ති බලාගාර අනතුරුදායක තත්ත්වයක පවතින බවට සෙලෙන්ස්කි කනස්සල්ල පළ කළේය. එහිදී ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ බිලියන ගණනක් වටිනා විදුලි බලාගාර ඇමෙරිකානු පාලනයට පැවරීම මගින් ඒවා සුරක්ෂිත කිරීම හොඳම ක්‍රමය බවයි. සෙලෙන්ස්කි හෙළි කළේ දුරකතන කතාබහේදී තමන් අඛණ්ඩ රුසියානු ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා තව තවත් ඇමෙරිකානු ගුවන් ආරක්ෂක මිසයිල ඉල්ලා සිටි බවයි. නමුත් එහිදී ට්‍රම්ප් යෝජනා කළේ යුරෝපය ඒවා සැපයිය යුතු බවටයි. සති තුනකට පෙර ඔවුන්ගේ විනාශකාරී ධවල මන්දිරයේ ආරවුලෙන් පසු පළමු වරට නායකයන් දෙදෙනා කතා කිරීමෙන් පසුව මෙය සිදුවිය. සාමය සඳහා කතාබහ ඉදිරි සතියේ නැවත ඇරැඹීමට නියමිතය.
ඉදිරි සාම සාකච්ඡා ලබා ඇති ඕනෑම ප්‍රගතියක් පිළිබඳව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් වැඩි විස්තර ලබා දෙන බව ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය. ඒ අනුව යුක්රේන ගොඩබිම සහ මුහුදේ ගැටුම අවසන් කිරීම පිළිබඳ තීරණාත්මක පසු විපරම් සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ඔවුන් දෙදෙනාම ඉරිදා සෞදි අරාබියට පියාසර කරනු ඇත.