ලොව වඩාත්ම ඉල්ලුම ඇති පාරිභෝගික වෙළෙඳපොළ බවට ඉන්දියාව නුදුරේදීම පත්වනු ඇතැයි අනාවැකි පළ වී ඇත. ලෝක ආර්ථිකයේ ප්‍රවණතා සම්බන්ධව අනාවැකි පළ කිරීමට ප්‍රකට මූල්‍ය සමාගමක් වන ඇමෙරිකාවේ මෝගන් ස්ටැන්ලි බැංකු සමාගමේ වාර්තාවක මේ බව සඳහන්ය.
වර්තමානය වන විට ගෝලීය බලශක්ති සංක්‍රමණයෙන් සහ ආර්ථික වර්ධනයෙන් ස්ථාවර තත්ත්වයක් පෙන්නුම් කර ඇති ඉන්දියාවේ ඉහළ ජනගහණ වර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය එරට පාරිභෝගික වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට ඉවහල් වී ඇති බවත් මෝගන් ස්ටැන්ලි වාර්තාවේ සඳහන්ය. මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය මෙන්ම සේවා අපනයනය ඉහළ මට්ටමක පවතින බැවින් දේශීය දළ නිෂ්පාදනයෙන් ඉන්දියාව 2025 මූල්‍ය වර්ෂයේදී 6.3% ක වර්ධනයක් ද, 2026 මූල්‍ය වර්ෂයේදී 6.5% ක වර්ධනයක් ද පෙන්නුම් කරනු ඇතැයි මෝගන් ස්ටැන්ලි වාර්තාව මගින් වැඩිදුරටත් අනාවැකි පළ කර තිබේ.