ඉදිරි මැතිවරණවලට චීනය සහ ඉන්දියාව මැදිහත් වීමට උත්සාහ කරන බවට කැනඩාවේ බුද්ධි අංශ අනතුරු අඟවා ඇති අතර රුසියාව සහ පකිස්ථානය ද තර්ජන එල්ල කරන බව ඔවුහු පවසති. ලොව පුරා මැතිවරණවලට මැදිහත් වීම සඳහා මෙම රටවල් කෘත්‍රිම බුද්ධිය (AI) වැඩි වැඩියෙන් භාවිත කරන බව බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.
කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවයේ (CSIS) නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂවරිය වැනේසා ලොයිඩ් අඟහරුවාදා පැවසුවේ අප්‍රේල් 28 වැනි දින ඡන්ද විමසීමට මැදිහත් වීමට දරන එබඳු උත්සාහයන් සඳහා සිය ආයතනය සූදානම් බවයි.
විශේෂයෙන් මේ වනවිට චීනය සහ ඉන්දියාව සමඟ ඔටාවාහි සබඳතා පළුදු වී ඇත. “වත්මන් මැතිවරණයේදී කැනඩාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට මැදිහත් වීමට උත්සාහ කිරීම සඳහා චීනය කෘත්‍රිම බුද්ධිය (AI) සහිත මෙවලම් භාවිත කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ,” යැයි ඇය පැවසුවාය. ඉන්දියාවට ද ඒ හා සමානව කටයුතු කිරීමට “අභිප්‍රාය සහ හැකියාව” ඇති බව තවදුරටත් පැවසූ අතර, රුසියාව සහ පාකිස්ථානය ද මැදිහත් වීමට උත්සාහ කළ හැකි බවද ඇය පැවසුවාය.