2025 මාර්තු 29 වන සෙනසුරාදා

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිට දිගු සිරදඬුවමක්?

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

2022 දී නැවත මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට අපොහොසත් වීමෙන් පසු කුමන්ත්‍රණයකට උත්සාහ කිරීමේ චෝදනා මත නඩු විභාගයට පෙනී සිටින ලෙස බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට නියෝග කර තිබේ.

2019 සිට 2022 දක්වා බ්‍රසීලයේ ජනාධිපති ලෙස සේවය කළ අන්ත දක්ෂිණාංශික හිටපු හමුදා කපිතාන්වරයකු වන බොල්සොනාරෝ, ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ආධිපත්‍යය ප්‍රචණ්ඩ ලෙස අහෝසි කිරීමට උත්සාහ කිරීම ඇතුළු අපරාධ පහක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටී. ඔහුට එරෙහි චෝදනා ”‍බරපතළ සහ පදනම් විරහිත”‍ ලෙස ඔහු හෙළා දැක තිබේ. ඉකුත් බදාදා, පස්දෙනකුගෙන් යුත් විනිසුරුවරු මණ්ඩලයක් ඒකමතිකව බොල්සොනාරෝට එරෙහි නඩු විභාගය පැවැත්වීමට තීරණය කළහ. මෙම වසර අගදී සිදුවෙතැයි අපේක්ෂා කරන අධිකරණ කටයුතුවලදී වරදකරු වුවහොත් බොල්සොනාරෝට දිගු සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇත.

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00