2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා

දකුණු කොරියාවේ විපක්ෂ නායක ජනපති සටනට!

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂ පක්ෂ නායක ලී ජේ-මියුන්ග් බදාදා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය. වත්මන් ජනප්‍රිය පෙරමුණේ අපේක්ෂකයා ලෙස ජනාධිපති ධුරය සඳහා ඔහු ඉක්මනින්ම තම අපේක්ෂකත්වය ප්‍රකාශ කරනු ඇතැයි පැතිර ඇති මතය මධ්‍යයේය.

ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට අදහස් කරන පාලක මහජන බල පක්ෂ සාමාජිකයන් අතර සිටින දකුණු කොරියාවේ කම්කරු අමාත්‍ය කිම් මූන්-සූ ද තම අපේක්ෂකත්වය ප්‍රකාශ කළේය. දෙසැම්බර් මාසයේ යුද නීති ප්‍රකාශයකන් පැන නැගුණු දෝෂාභියෝගය තහවුරු කිරීමෙන් පසු හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ගේ පුරප්පාඩු වූ ජනපති අසුනට සුදුස්සකු තෝරා ගැනීම සඳහා, ජූනි 3 වැනි දින දකුණු කොරියාව ට්‍රම්ප්ගේ තීරුබදු මධ්‍යයේ මතුව ඇති ගෝලීය වෙළෙඳ යුද්ධය මැද හදිසි ජනාධිපතිවරණයක් පවත්වනු ඇත.