2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා

චාල්ස්-කැමිලා ඉතාලි සංචාරය!

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

චාල්ස් රජු සහ කැමිලා රැජන ඔවුන්ගේ 20 වැනි විවාහ සංවත්සරයට සමගාමීව ඉතාලියේ දින හතරක රාජ්‍ය සංචාරයක නිරත වූහ. දෙවැනි දිනයේ ඡායාරූප ගැනීම සඳහා රෝමයේ සුදුසු සංකේතාත්මක ස්ථානයක් සොයා ගිය ඔවුන්ට පුරාණ සිකුරු දේවාලය ඒ සඳහා සුදුසු ලෙස පෙනී ගියේය. ඒ අනුව ඔවුහු එය ඉදිරිපිට සිටගෙන, ප්‍රේමයේ දෙවඟනට ගෞරව කළහ. එයට පෙර රාජකීය අමුත්තන්ට ඉතාලියේ ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා සහ ඔහුගේ දියණිය ලෝරා විසින් ක්විරිනේල් මාලිගයේදී චාරිත්‍රානුකූලව රතු පලසක් එලා ඉහළම පිළිගැනීමක් ලබා දෙන ලදී.

මෙම රාජ්‍ය සංචාරය එක්සත් රාජධානිය සිය යුරෝපීය සහචරයන් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමේ උත්සාහයේ කොටසකි. එකමුතුකමේ සංකේතාත්මක සංදර්ශනයක් ලෙස, එක්සත් රාජධානියේ රතු ඇරෝ ගුවන් නියමුවෝ ඔවුන්ගේ ඉතාලි සගයන් වන ෆ්‍රීස් ට්‍රයිකොලෝරි සමඟ රෝම අහසට ඉහළින් දෙරටේ වර්ණ මගින් සලකුණු කළ ගුවන් ගමන් මාර්ගයක පියාසර කළහ.

බදාදා චාල්ස් රජු ඉතාලියේ අගමැති ජෝර්ජියා මෙලෝනි හමුවිය. ඔහු ඉතාලි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකටම කතාවක් ද පැවැත්වීය. එක්සත් රාජධානියේ රජකු එවැනි දේශනයක් පවත්වන ලද පළමු අවස්ථාව මෙයයි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00