මුහුද යටින් දිවෙන පෙර සැකසුම් තාක්ෂණයෙන් ගොඩනැගෙන ලොව දිගම යෝධ උමග ඩෙන්මාර්කයේ ලොලන්ඩ් දූපත සහ ජර්මනියේ ෆෙහ්මාර්න් දූපත සම්බන්ධ කරමින් මේ වනවිට ඉදිවෙමින් පවතියි. ෆෙහ්මාර්න් තීරයේ උමග හෝ ෆෙහ්මාර්න් තීරයේ ස්ථාවර සබැඳිය ලෙස හෝ හැඳින්විය හැකි මේ දියේ ගිල්වන ලද උමග බෝල්ටික් මුහුදේ කිලෝමීටර් 18 ක් පළල (සැතපුම් 11) ෆෙහ්මාර්න් තීරය හරහා ගමන් කරයි.
එය උතුරු ජර්මනිය සහ ලොලන්ඩ් අතර ඍජු සම්බන්ධතාවයක් සපයන අතර, එතැන් සිට ඩෙන්මාර්කයේ සී-ලන්ත දූපත සහ කෝපන්හේගන් දක්වා දිවෙන ලොව දිගම මාර්ගය සහ දුම්රිය උමං මාර්ගය බවට පත්වනු ඇත. මෙම උමග මධ්‍යම යුරෝපය සහ ස්කැන්ඩිනේවියාව අතර ප්‍රධාන සම්බන්ධතාවය වනු ඇත.
එය ලොලන්ඩ් සහ ෆෙහ්මාර්න් අතර පාරු මගින් ගමනට ගතවන කාලය විනාඩි 45කින්ද, මෝටර් රථයෙන් ගමන් කාලය විනාඩි 10කින් සහ දුම්රිය ගමන විනාඩි හතක් දක්වා ද කෙටි කරනු ඇත. විද්‍යුත්කරණය කරන ලද මෙහි අධිවේගී දුම්රිය මාර්ගයේ දුම්රියට පැයට කිලෝමීටර 200 (පැයට සැතපුම් 125) දක්වා වේගයකට ළඟා විය හැකිය.