මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට උපරිම වාටිනාකමේ සීමාවකින් තොරව හා විශාල වශයෙන් බදු සහන සහිතව වාහන ආනයනය කිරීමට අවස්ථාව සැලසීම ගැන පසුගිය කාලයේ සමාජය තුළ විශාල වශයෙන් කතාබහට ලක්විය. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය පසුගිය කාලයේ නිකුත් කළ එම චක්‍රලේඛය මගින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෝ මෙම වාසනාවට උරුමකම් ලබා සිටියහ. රාජ්‍ය අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල සේවය කරන ලේකම්, අතිරේක ලේකම්, නියෝජ්‍ය ලේකම්, සහකාර ලේකම් ආදී තනතුරු දරන්නන්ද දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කළමනාකාර අධ්‍යක්ෂවරුන්, රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවල නිලධාරීන්, නීති ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් ඇතුළු පිරිසකටද මෙම විශේෂ වරප්‍රසාදය හිමි විය.
මේ අනුව අදාළ සුදුසුකම් සම්පූර්ණ කරනු ලබන නිලධාරීහු තමන්ගේ සේවා ස්ථානය හරහා මුදල් අමාත්‍යංශයෙන් ඩියුටි ෆ්‍රී පර්මිට් ඉල්ලුම් කරති. ඒ සඳහා නිසි සුදුසුකම් ඇති නම් අමාත්‍යංශය මගින් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කෙරිණි. පසුගිය කාලයේ මෙම තීරැබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම වෙනුවෙන් වූ ප්‍රතිපත්තීන් සංශෝධනය වූ අතර විවිධ ගැටලුද පැන නැගිණි. එම කාලවකවානුවේදී මෙම වාහන බලපත්‍ර කතාව සමාජය තුළ මෙන්ම දේශපාලන කරළිය තුළද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබිණි.
වාහන බලපත්‍රයක් රාජ්‍ය සේවකයන් හට ලබාදෙන්නේ සක්‍රීය සේවා කාලය වසර හයක් සම්පූර්ණ වීමෙන් අනතුරැව වුවත් නැවත වසර පහෙන් පහට මෙම බලපත්‍රය ඔවුනට ලැබේ. මෙහි අරමුණ ලෙස කියැවෙන්නේ තනතුරට ගැලපෙන සමාජ තත්ත්වයන් නිලධාරීන්ට ලබාදීම, ඔවුනට කාර්යක්ෂමව සේවයේ නියුක්ත වීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම සෙසු ස්ථර තුළ සිට ඉහළ තනතුරු කරා ගමන් කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් කිරීම බව සඳහන්ය.
කෙසේ වෙතත් මෙලෙස රජය මගින් ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර රජයේ නිලධාරීන් පිරිසකගේ ජාවාරමක් බවට පත්ව ඇතැයි ලංකා වාහන ආනයන කරැවන්ගේ සංගමය චෝදනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ සැලකිය යුතු රජයේ නිලධාරීන් පිරිසක් පාරිභෝගිකයන් මුලාකරමින් මෙම කටයුත්ත සිදුකරන බවත් එමගින් විශාල බදු ප්‍රමාණයක්ද රටට අහිමි වන බවත්ය.
රජයට මෙන්ම රටේ ආර්ථිකයට විශාල ලෙස දායකත්වය සපයන වාහන ආනයනකරුවන්ගේ ව්‍යාපාරවලට ඇතැම් රාජ්‍ය නිලධාරීන් කරන මෙම තීරැබදු රහිත වාහන බලපත්‍ර විකිණීමේ ජාවාරම හානියක් සිදුකර ඇති බවත් ඔවුන්ගේ කර්මාන්තය මේ හේතුවෙන් කඩා වැටීමේ අර්බුදයකටද මුහුණ පා ඇති බවත් සඳහන් වේ.
ඔවුන් පවසන ආකාරයට ඇතැම් රාජ්‍ය බැංකුවල සේවයේ නිරත වන පුද්ගලයන් සහ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරැන් කිහිප දෙනෙක් ඍජුවම මෙම ව්‍යාපාරයට සම්බන්ධ වී සිටිති. සැලකිය යුතු පිරිසක් මෙම ජාවාරමට හසුවී සිටින බවද ඔවුහු පෙන්වා දෙති.
මෙලෙස තීරුබදු රහිත වාහන බලපත්‍ර තමන්ගේ වරප්‍රසාදවලට මුවා වී ගෙන්වා එම වාහන අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව ජාතික පුවත්පත්වල පවා දැන්වීම් පළකර ඇති අතර මේ වනවිට ඔවුන්ට ඒ සම්බන්ධ පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද සඳහන්ය.
මෙම අදාළ සිදුවීම පිළිබඳව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණසේකර මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
මේ රාජ්‍ය නිලධාරීන්ට රජය මගින් ලබාදෙන තීරැබදු රහිත වාහන බලපත්‍ර අරගෙන ඒවා වංචනික ලෙස විකුණන යම් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉන්නවා. මේ පිරිස පාරිභෝගික ජනතාව මුලාවට පත්කරමින් මෙම ජාවාරම සිදුකරනවා. මේ පුද්ගලයන් තනි පුද්ගල නාමයන් යටතේ තමයි මෙම වාහන ජාවාරම සිදුකරන්නේ. එසේ වුණාම ඔවුන් කිසි කෙනෙක් බදු ගෙවීමක් සිදුකරන්නේ නැහැ. මොකද තනි පුද්ගලයකුට වාහනයක් ආනයනය කිරීමේ හැකියාවක් අපේ රටේ තිබෙනවා. මෙම ඇතැම් රාජ්‍ය සේවකයන් එය අනියම් ආකාරයට භාවිත කිරීමක් තමයි කරන්නේ.
මේ විදියට ඇතැම් පුද්ගලයන් අත්තිකාරම් මුදල් ලබාගන්නවා. තවත් බොහෝ මුදලක් මොවුන් මේ වාහනය ආනයනය කිරීමට ලබාගන්නවා. එහෙම බැලුවම මේ වාහනය මිලදී ගන්නා පුද්ගලයාගෙන් බදුවලට සමාන මුදලක් ලබාගෙන ඉවරයි. මේ වනවිට මේ සම්බන්ධ පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් අපිට වාර්තා වෙනවා. සාමාන්‍ය පුද්ගලයන් පමණක් නෙවෙයි ඇතැම් රජයේ වෘත්තිකයන් පවා මොවුන්ගේ මෙම ජාවාරමට හසුවී තිබෙනවා. ඒ වගේම තමයි මෙම පුද්ගලයන් විසින් ආනයනය කරන වාහනවල වගකීම පිළිබඳ ඔවුන් සහතික වෙන්නේ නැහැ කියලා මේ වනවිට අපිට ආරංචි ලැබිලා තියෙනවා. නමුත් අපි ලංකා වාහන ආනයනයකරුවන් විදියට මේ සියල්ල නීතියට අනුකූලව තමයි කරන්නේ. මෙම ජාවාරමට එරෙහිව තමයි අපි මෙම පුවත්පත් දැන්වීමක් පවා පළකර තිබෙන්නේ. මෙම ජනතාවගෙන් ලැබෙන පැමිණිලි ඉදිරි කාලයේදී අදාළ අංශ වෙත ලැබීමට අපි සලස්වනවා.
ඉහළ පන්තියේ වරප්‍රසාද වෙනුනේ මහජන මුදල් යෙදවීමක් ලෙස බොහෝ දෙනා මෙය අරුත් ගන්වති. එමෙන්ම මෙම තීරුබදු රහිත වාහන බලපත්‍ර පිළිබඳ අද සමාජය තුළ ඇත්තේ විවේචන පමණි. අල්ලස් පනතට අනුව තමන්ගේ මෙම වරප්‍රසාද තවකෙකු වෙත ලබාදීම වරදකි. නමුත් මේ නීතියට මෙම තත්ත්වය අදාළ නොවන බවද මේ වනවිට බොහෝ දෙනා තේරුම් ගෙන ඇත.
තමන්ට ලැබෙනා වරප්‍රසාදය ජාවාරමක් බවට පත්කර ගන්නා දේශපාලකයන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ මෙම ක්‍රියා පටිපාටිය වහාම නතර කිරීමට අදාළ බලධාරීන් පියවර ගත යුතුය.
හසිත් අංජන