ඉන්දියාවේ තෙලිඟු චිත්‍රපට මෑතක් වනතෙක් සීමාවී පැවතියේ එම බස වහරන ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයට පමණි. එහෙත් 2015 දී එස්.එස්. රාජමෝලි අධ්‍යක්ෂණය කළ බහුබාලි චිත්‍රපටයෙන් තෙලිඟු සිනමාව බොලිවුඩය පමණක් නොව ලෝකයද ජය ගත්තේය.
පසුගියදා නැරඹීමට අවස්ථාව ලද මහානාටි (මහා රංගන ශිල්පිනිය) චිත්‍රපටයද තෙලිඟු බසින් නිපදවුණු ලෝකයටම බෙදාහැරි සිනමාපටයකි. මෙම චිත්‍රපටවලින් ආන්ද්‍ර ප්‍රදේශ්හි සිනමාවට ලෝක වෙළෙඳපොළක් හිමිකර දෙන අතරම ඔවුන්ගේ සෞන්දර්ය හා මුසු චිත්‍රපට කලාව රසවිඳීමටද ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලබා දේ. මෙය වාණිජ චිත්‍රපටයක් වුවද එහි යටිපෙළක් මතුකිරීමටද දැරූ උත්සාහයක් දැකගත හැකිය.
මහානාටි අධ්‍යක්ෂණය කළේ නග් අශ්වින් නම් තරුණ සිනමාකරුවාය. එය තෙලිඟු සහ දෙමළ භාෂාවලින් නිෂ්පාදනය කෙරැණි. 2018 දී තිරගත කළ මෙම චිත්‍රපටය සිනමා නිළියකගේ සැබෑ කතාවක් තිරයේ දිගහැරීමකි.
සාවිත්‍රී රාමසාමි (1936 – 1981) තෙලිඟු සහ දෙමළ චිත්‍රපට 300ක රඟපෑ නිළියකි. ඇය ගායිකාවක්, නාට්‍යාංගනාවක් සහ චිත්‍රපට නිෂ්පාදිකාවක් ද විය. නමුත් ඇයගේ ජීවිතය ද ඛේදවාචකවලින් පිරි නාට්‍යයක් වැනි විය. මේ කතාවේ අහුමුලු සොයා යමින් ඇයගේ හදවතට එබී බැලීමට මහානාටි තිරරචක සහ අධ්‍යක්ෂ නග් අශ්වින් උත්සාහ කර තිබේ.
සාවිත්‍රිගේ තරුණ පුතාට සිහිසුන්ව සිටින තම මවගේ සිරැර නිවසේ කාමරයක තිබී හමුවේ. ඇය වහාම රෝහල්ගත කෙරේ. නමුත් ඇය සිහිවිසංඥ තත්ත්වයෙන් වර්ෂයක්ම රෝහලේ ගතකර මිය යන්නීය. ජනප්‍රිය නිළියකගේ මේ ගුප්ත ඉරණම ගැන මාධ්‍යවලින් විශාල අවධානයක් යොමුකෙරේ. ඇයගේ මුල්කාලීන ජීවිතය රසිකයන්ට රහසකි. එම රහස සොයා යන පුවත්පත් කලාවේදිනියක් (මධුරවානි) සහ ඡායාරූප ශිල්පියෙක් ඔස්සේ මහානාටි චිත්‍රපටයේ කතාව දිවයයි. පුවත්පත් කලාවේදිනියට සාවිත්‍රී විසින් ලියන ලද ලිපියක් හමුවේ. ඇයට අවශ්‍ය එය සාවිත්‍රිගේ පුතාට ලබාදීමටය. තම කර්තෘගෙන් එම ලිපි මාලාව නතර කිරීමටයයි උපදෙස් ලැබුණද මධුරවානි පෞද්ගලිකව සාවිත්‍රිගේ කතාව සොයා යන රහස් පරීක්ෂිකාවක් බවට පත්වන්නීය. කුතුහලය දනවන අයුරින් මෙම කතාව රෑපගත කිරීමට අධ්‍යක්ෂවරයා දැක්වූ සමත්කම චිත්‍රපටය පුරාම දිවයයි.
රංගනයට ඇති කැමැත්ත නිසාම ඇය පියා සමඟ ගමේ සිට නගරයට පැමිණෙන්නේ රඟපෑමට අවස්ථාවක් සොයාගෙනය. ඇය මුලින්ම බැංගලෝරයේ ඥාතියෙකුගේ උපකාරයෙන් නාට්‍යවල රඟපාන්නීය. ඊට පසු එම ඥාතියා සාවිත්‍රී බැංගලෝරයේ ඇරඹුණු සිනමා කර්මාන්තයට සම්බන්ධ කිරීමට උත්සාහ කරයි. ඒ සඳහා විශාල ගැහැට විඳීමට සාවිත්‍රිට සිදුවෙයි. මුලින්ම කවුරුවත් ඇය ගණනකට ගන්නේ නැත. පසුව එවකට ජනප්‍රිය නළුවකු වූ ජෙමිනි ගනේෂන් සමඟ රඟපෑමට අවස්ථාවක් ලැබේ. ක්‍රමයෙන් රංගනයෙන් ජනප්‍රිය වන සාවිත්‍රි, එවකටත් විවාහ වී සිටි ජෙමිනි සමඟ පෙමින් බැඳේ. ඔවුහු රහසිගතව යළිත් විවාහ වෙති. ඒ සමඟම සාවිත්‍රිගේ පවුලේ විරෝධය එයට එල්ල වේ. නමුත් සාවිත්‍රිගේ රංගන ජීවිතය සාර්ථක වෙයි. ඇය චිත්‍රපට නිෂ්පාදනයටද එක්වෙයි. දෙදරැ මවක් බවට පත්වෙයි. ඒ අතර ධනයෙන් ද ආඪ්‍ය වෙයි. එහෙත් මේ සියල්ල චිත්‍රපට සුරංගනා ලොවක් බවට පත්කරමින් සාවිත්‍රිගේ සහ ජෙමිනිගේ පවුල් බැම්මද දෙදරා යන අතර ඇය මත්පැන් පානයට ලොල්වෙයි. අවසානයේ සාවිත්‍රිගේ බේබදුකම අවසන් වන්නේ දියවැඩියාවද වැළඳී සිහිවිසංඥ වීමෙනි. ඒ අතර ඇය බංකොලොත්භාවයටද පත්වේ.
මෙම චිත්‍රපටය දිගහැරෙන්නේ අතීතාවර්ජනයක් ලෙසය. එය පුවත්පත් කලාවේදිනිය දකින දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කෙරේ. කීර්ති සුරේෂ්, ඩැල්කර් සල්මාන් ප්‍රධාන චරිත නිරෑපණය කරන මහානාටි, ආන්ද්‍රා ප්‍රදේශ්හි ජනප්‍රිය ගොන්නට එකතු වූ චිත්‍රපටයකි. කීර්ති සුරේෂ් නම් තෙලිඟු නිළිය මෙහි ඉදිරිපත් කරන රංගනය හැඟීම්බරය. එමෙන්ම නිළියක ලෙස ඇගේ ස්ථාවරත්වයටද එය පදනම දමයි. මෙහි 40 – 50 දශකවල පැරණි චිත්‍රපට දර්ශන, චිත්‍රාගාර දර්ශන නැරඹීමේදී මතක් වන්නේ අප රටේ නිර්මාණය වූ එහෙත් අසාර්ථක වූ උදයකාන්ත වර්ණකුලසුරියගේ %මධුර චාරිකා^ චිත්‍රපටයයි. පැරණි දර්ශන වර්තමානයට ප්‍රතිනිර්මාණය කළ යුත්තේ කෙසේද යන්නද මහානාටි තුළින් දැකගත හැකිය.
ප්‍රේක්ෂක