2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

රජවරු ඇමැතිවරු බිහිකරන කුල දීපක යෝගය

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 205

රජවීමට කවුරුත් කැමැතිය. එහෙත් සැමටම රජවිය නොහැකිය. ඇතැම්විට රජ කුලයක ඉපදුණු කෙනකුට වුවද තම අපේක්ෂාව මුදුන්පත් කර ගැනීමට අපහසුය. එංගලන්තය එයට හොඳ උදාහරණ සපයයි. රජ කිරුළට හිමිකම් පාන කිහිප දෙනකු එරට සිටියද, තවමත් ඒ කිසිවකුට රජකම ලැබී නැත. රජකමට උරැමකම් කීවද, එය නොලැබී දිගු කාලයක් ජීවත් වීමටද, ඇතැම්විට රජකම නොලැබී ජීවිතයෙන් සමුගැනීමටද, ඔවුන්ට සිදුවනවා ඇත. මෙයට හේතුව කුමක්ද?

තම උත්පත්ති කුලය මහා ඉහළින් බහුමානයෙන් සලකන ජන්මියකුට නම් කුල දීපක යෝගය රැවන් පහනකි. මිණියෙන් සැදුම්ලත් පහනකි. මාණික්‍ය රත්නයකි. මෙම යෝගයෙන් ජන්මියා උපත ලද්දේ නම් ඉසිවරැන්ගේ මති මතාන්තරවලට අනුව තමන්ට කුලයේ රාජ්‍යප්‍රාප්තිකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. කොටින්ම කියතොත් රාජ්‍යයකට රජෙක් මෙන් ක්‍රියා කිරීමට අවස්ථාව සැලසේ. රජ නොවුණත් රජකුට හිමි වරප්‍රසාද ලැබීමට හිමිකම ඇත.

මගේ අත්දැකීම් අනුව බලන කල මෙවැනි යෝගයකින් බලසම්පන්න වන ජන්මියා කුලයට, දේශයට, පළාතට යනාදී වශයෙන් ප්‍රධානත්වයක් ගෙන කැපීපෙනී සිටිමින් කටයුතු කරන්නට ඉඩ ප්‍රස්ථාව උත්පත්තියෙන්ම ලබාගනියි. තමන් යටතේ විශාල පිරිසකට නායකත්වය දෙයි. බොහෝ දෙනා තම අණසකට යටත් කර ගන්නා අතර සුවිශාල පිරිස් බලයක්ද නිර්මාණය කෙරේ.

පරිපාලනයේ ඉහළ මිනුම් දණ්ඩක පිහිටා කීර්තිමත් පරිපාලන නිලධාරියකු සේ කටයුතු කරන අයද මෙම යෝගය ලැබූ අය වේ. සේවක සේවිකා දෙපක්ෂයම තමාට නතුව කටයුතු කරයි. ක්‍රීඩා ක්ෂේත්‍රයට ගිය විට ක්‍රීඩාව කුමක් වුවත් එහි නිපුණත්වය මත අතිදක්ෂයෝ වෙති. කුල දීපක යෝගයෙන් උපන්නෝ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවය, දක්ෂතාවය උකහා පෙන්වමින් ලොව දස දෙස පතළ මහා කීර්තියක් ලබති. කුජ, ගුරු, බුධ, කිවි, ශනි යන පංච මහා ග්‍රහයෝග පහකි. මෙහිදී ඇතිවන මහා පුරුෂ යෝගය සාමාන්‍ය ජන්මියකුට හිමි නොවේ. එය හිමිවන්නේ බුද්ධත්වයට පත් උත්තම ගණයේ පුරැෂයන්ට පමණි. බුද්ධ රාජ්‍යයට පත්වූවකුට වුවද නොසිතූ විරූ දුෂ්කර අවස්ථාවලට පත්වීමට සිදුවේ.

කුමන ජන්මියකුට හෝ සෙනසුරැ ඒරාෂ්ටකයක් ලැබුවොත් සීමාවක් නොමැති කරදරයන්ට මුහුණපාන්නට සිදුවේ.  කුල දීපක යෝගයේ බලය පිරිහේ.

ඇතැම්විට කෑමෙන් බීමෙන් පවා කරදරයන්ට ලක්වේ. 

ජන්මියා වෘෂභ ලග්නය දායාද කොට ඉපදී ජන්මියාගේ තුන්වැන්න කටක රාශිය වී ස්ථානගතව ගුරැ සිටීමත් හේතු භූත වීමෙන් කුල දීපක යෝගය උදා කෙරේ. සමහර ජන්මියෙක් කටක ලග්නයෙන් ජනිතව එකොළොස් වැනි ස්ථානයේ වෘෂභ රාශිය වෙයි නම් සඳු බලවත්ව සිටින අතර ගුරැ තුන්වැන්නට පිවිසි විටද කුල දීපක යෝගය උදාකර දෙයි.

මේ පිළිබඳව තවදුරටත් විග්‍රහ කර බැලීමේදී ජන්මියා ඉපදී ඇති ලග්නයෙන් තුන්වැනි ස්ථානය ගුරැ වීද, එසේත් නොමැති නම් සෙනසුරැ හෝ බ්‍රහස්පති ග්‍රහයා එකොළොස් වැන්නේ හැසිරෙමින් සිටින විට යමෙකු කුල දීපක යෝගය කරපින්නාගෙන මෙලොව ජනිත වී ඇති බව ප්‍රකාශ කළ හැකිය. ගුරැ උච්චක්ෂේත්‍රව හෝ එසේත් නැතිනම් ස්වක්ෂේත්‍රව සිටිමින් සඳු උච්චක්ෂේත්‍රව එකොළොස් වැන්නේ සිටීමෙන් කුල දීපක යෝගයේ ප්‍රබල ශක්තිය වර්ධනය වෙයි. එහිදී මෙම යෝගය වඩාත් ප්‍රබල වෙයි. සමහර ජන්මියකුට එම යෝගයෙන් ඉපදුණත් බලවත්කමින් අඩු වේ. ඵල විපාක ඉෂ්ඨ ලෙසම ඉටු නොවන අවස්ථාද ඇත.

ඉතා ප්‍රබල ග්‍රහයෝගවලින් උපන් සමහර ජන්මීන්ගේ ජීවිතවලට මුල් කාලයන්හි කරදර විපත් ඇතිවේ. සමහරුන් කරා ඒවා ඇදී යන්නේ ජීවිතාන්තයේ මැද භාගයේදීය. ජීවිතයේ අග භාගයේදී පීඩා ගෙන දිය හැකිය. මෙයට බොහෝමත් හේතු සාධක වී ඇත්තේ සුබ ග්‍රහ යෝග ලබා උපන්නත් උත්පත්තියෙන් අනිටු ග්‍රහයන් අනිටු ස්ථානවල සිටීමෙන් එම ග්‍රහයන්ගේ අතුරැ මහා දශා කාලසීමාවන්හිදී සුබ ග්‍රහ යෝගවල ක්‍රියාකාරීත්වය හීන කරන බැවිනි. මේ නිසා අසුබ ඵල ගෙන දේ.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00