ග්‍රහ මණ්ඩලයේ රජු වූ සූර්යා 2019 පෙබරවාරි මස 13 වැනි බුද දින උදේ 8.49ට සෙනසුරුට අයත් කුම්භ රාශියට සංක්‍රමණය වෙයි. එහිදී අඟහරැට අයත් දෙනට නැකතේ තුන්වැනි හතරවැනි පාදවලත් රාහුට අයත් සියාවස නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම, දෙවැනි, තුන්වැනි පාදවලත් 2019 මාර්තු 15 වැනි කිවි දින පාන්දර 5.41 දක්වාම ගමන් කරනු ඇත.
මෙම ගමන පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රජයේ යම් යම් ක්‍රියාවලට විරැද්ධව මහජනයා වීදි බසිනු ලබන කාලයක් වන බව පැවසිය යුතුය. ජනතාවගේ සෞඛ්‍යයට පීඩා ඇතිකරමින් රෝග අවදානමක් සීඝ්‍රයෙන් පැතිර යන කාලයකි. ගුවන්යානා, ගුවන් තොටුපොළ ආශ්‍රිතව කටයුතු කරන ප්‍රධානියකුට ඉතා අයහපත් වනු ඇත. රට තුළ විවිධ වූ හේතු මත අර්බුදකාරී වාතාවරණයක් ඉස්මතු වනු ඇත.
විදේශීය වශයෙන් විමසා බැලීමේදී විනෝද ස්ථාන, සමාජශාලා සම්බන්ධ හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවන අතර කුඩා දරැවන්ටද ඉතා අයහපත් වන කාලයක් වේ. රංගන ක්ෂේත්‍රයේ නියැලි ප්‍රවීණයකුගේ අභාවයක්ද ඇතිවන අතර චිත්‍ර ශිල්පියකු පිළිබඳ ඉතා අයහපත් ආරංචි අසන්නට ලැබේ. කලාකරුවන්ට මාරකද යෙදෙන අතර මහජන නියෝජිතයන්ට, රාජ්‍ය නායකයකුට, හිටපු හෝ දැනට සිටින අයකුට මාරකයක් උදාවනවා ඇත. යම් පාර්ලිමේන්තුවක් තුළ නව නීති සම්පාදනය කිරීමක් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් අතර ගැටුම් හා වාද විවාද ඇතිවනු ඇත.
මේෂ - දේශපාලනයට හොඳයි
දේශපාලන කටයුතුවල නිරත අයට ඉතා ශුභ ඵල ගෙන දෙන කාලයක් වේ. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වන අතර තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීම හේතුවෙන් තම හිතවතුන් තමා සමඟ අමනාපකම්ද ඇතිකරගනු ඇත.
වෘෂභ - සිතට සහනය
සේවා ස්ථානය පිළිබඳ පැවති ප්‍රශ්න මඟහැරී යනු ඇත. සිතට සහනය ඇතිවේ. දුර ගමන් යෙදෙන අතර විදේශගත වීමේ අපේක්ෂාද ඉටුකරගත හැකිවනු ඇත. පිටස්තර අයකුගේ ප්‍රශ්නයක් හේතුවෙන් තමාගේ කීර්තිනාමයට හානිවිය හැකි බැවින් අනවශ්‍ය ලෙස ගැටලුවලට මැදි නොවී සිටින්න.
මිථුන - නිර්මාණශීලී අදහස්
ඔබට ද ශුභ ඵල අත්වනු ඇත. ලේඛන කටයුතුවල නිරත අයට නිර්මාණශීලී අදහස් ජනිත වන්නාවූත් කාලයක් වන අතර දේශපාලන කටයුතුවල නිරත අයටද ශුභ ඵල අත්වනු ඇත. කෙටි ගමන් වැඩියෙන් යෙදෙනු ඇත.
කටක - කටයුතු ප්‍රමාදයි
තමාගේ උත්සාහයේ තරමට ඵලයක් ලබාගත නොහැකි වකවානුවක් වේ. යම් යම් කටයුතුවල ප්‍රමාදවීම්ද ඇතිවනු ඇත. ආර්ථික අපහසුතාද උද්ගත වේ.
සිංහ - කැපීපෙනේ
අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වන කාලයක් වේ. සිතේ සහනය අඩුවනු ඇත. හවුල් කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වේ. ශරීරයේ ඌෂ්ණ ගතිය වැඩිවීම නිසා රත්පිත් රෝග පීඩා මතුවේ.
කන්‍යා - හදිසි ශරීර පීඩා
ඔබට එතරම් යහපත් නොවනු ඇත. සිතේ සහනය අඩුවන කාලයක් වේ. ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. දුර ගමන්, විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.
තුලා - අතපසුවීම බහුලයි
ඔබගේ උත්සාහයේ තරමට ඵල අත්නොවන කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. යම් යම් කටයුතු අතපසුවීම් සිදුවන කාලයක් ද වේ.
වෘශ්චික - අනුන්ගේ වැරදි තමාට
ඔබට යහපත් වනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ගැටලු මඟහැරී යන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටිය යුතු අතර තමාගේ පිට අන් අයගේ වරදවල් පැටලිය හැක.
ධනු - විදේශ ගමන්
සන්නිවේදන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් කාලයක් වේ. යම් යම් කටයුතුවල අතපසුවීම්ද සිදුවනු ඇත. විදේශගත වීමේ අපේක්ෂා ඉටුකරගත හැකි වේ. ඇස්වල පීඩා මතුවන කාලයක් වේ.
මකර - ආර්ථික අපහසුතා
දේශපාලනයට සම්බන්ධව සිටින අයට යහපත් වන කාලයක් වේ. ඔබගේ උත්සාහය තරමට ඵල අත්කරගත නොහැකි කාලයක් ද වේ. ආර්ථික අපහසුතාද මතුවනු ඇත. ඇස්වල පීඩා ගෙන දෙනු ඇත.
කුම්භ - උසස්වීම් ලැබේ
ඔබ ඉතා උනන්දුවෙන් උත්සාහයෙන් යුක්තව කටයුතු කරන කාලයක් වන අතර අන් අය අතර කැපීපෙනෙනු ඇත. උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන කාලයක් වේ.
මීන - ගමන් බිමන් පරිස්සමින්
ඔබට යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවනු ඇත. ආර්ථික අපහසුතා ඇතිවනු ඇත. ගමන්වලින්ද පරිස්සම් වීම වැදගත් වන අතර හදිසි ශරීර පීඩා ඇතිවිය හැක.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල