2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

HIT TIPS

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

මැරීනෝ මෝල් වැලන්ටයින් ස්පෙෂල්

පෙබරවාරි 14ට යෙදෙන වැලන්ටයින් දිනය වෙනුවෙන් කොළඹ හෝටල් ඇතුළු බොහෝ තැන් ලහිලහියේ සූදානම් වෙනවා. ඒ අතරෙදී මැරීනෝ මෝල් වෙත ගියොත් එතැනදීත් රොමාන්තික වටපිටාවක් එක්ක, බටහිර ආහාරපාන සමඟ විශේෂ මොහොතක් ගත කරන්න අවස්ථාව හිමිවේවි. මැරීනෝ මෝල් ෆුඩ් එම්පෝරියම් එකේදී 14 වැනිදා හවස් වරුවේ පැවැත්වෙන මේ වැඩසටහනට සහාය පළකරන්න තවත් ආයතන රැසක් එක්වෙලා ඉන්නවා. ඒ වගේම එතැනට එන ආදරවන්තයන්ට විශේෂ තෑගි පිරිනමන්නත් ඔවුන් සූදානමින් ඉන්නවා.

කෞතුකාගාර පසුබිම් කතා
ලංකාවේ පළමු කෞතුකාගාරය නිර්මාණය කිරීම පිළිබඳ පසුබිම් කතාන්දරයත්, කෞතුකාගාර සංරක්ෂණය ඇතුළු තවත් බොහෝ  දෑ ගැන තොරතුරු දැනගන්න කැමැති අයට හරිම විශේෂ වැඩසටහනකට එක්වෙන්න පුළුවන්. ඒ තමයි හසිනි හපුතන්ත්‍රි සංවිධානය කරන Birth of a Museum වැඩසටහන. 0773 448457 අංකයට ඇමතුමක් දීලා පෙබරවාරි 16 වැනිදා උදෑසන 10.30 සිට පැවැත්වෙන මේකට සහභාගී වෙන්න පුළුවන්.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00