උඩවලව කියන්නේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වුණත් ඒ ආසන්නයේම පිහිටි තණමල්විල තවමත් සංචාරකයන් අතර ඒ තරම් ජනප්‍රිය ප්‍රදේශයක් නෙමෙයි. ඒ කොහොම වුණත් ‘Tranquil Wild’ කියන්නේ තණමල්විල ප්‍රදේශයේ ඉතාම මෑතකදී ආරම්භ කරපු සංචාරක හෝටලයක්. වීරවිල - වැල්ලවාය පාරට මීටර 500ක් ඔබ්බෙන් පිහිටලා තියෙන මේ හෝටලයේ එක් මායිමක් වෙන්නේ දර්ශනීය රණවරනාව වැවයි. ප්‍රදේශයට ආවේණික වනජීවී සෞන්දර්යය පිරිනමන අතරේදී වැඩි සුඛෝපභෝගීත්වයක් සහ ශාන්ත පරිසරයක් සංචාරකයන්ට හිමිකර දෙන්න මේ ස්ථානය සමත්.
විශේෂයෙන්ම ලුණුගම්වෙහෙර, උඩවලව වගේ සෆාරි අත්දැකීම් විඳීමට පැමිණෙන සංචාරකයන් අතර ජනප්‍රිය තේරීමක් බවට ‘Tranquil Wild’ පත්වෙමින් තිබෙන බවත් හෝටල් කාර්ය මණ්ඩලය පවසනවා. අක්කර තුනක භූමි භාගයක පැතිරී පවතින මේ හෝටල් නවාතැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම jungle resort එකක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම හෝටල් භූමිය තුළත් විවිධ ශාක ප්‍රභේද, පළතුරු, වටිනා දැව වගේම වන ජීවින් සහිත වන වගාවක් දකින්න පුළුවන්.
මේ හෝටල් නවාතැන සුඛෝපභෝගී කාමර හයකින් යුතු ෂැලේ තුනකින් සමන්විතයි. ඒ සෑම ෂැලේ එකකම වායු සමීකරණය කළ නිදන කාමරයක්, ඊටම බද්ධ වූ නාන කාමරයක් වගේම වැව දෙසට මුහුණ ලා ඉදිකළ ආලින්දයකින් යුතුයි. මේ විවෘත ආලින්දය කියන්නේ විඩාව නිවාගන්න, සිතුවිලි අතර නිමග්න වෙන්න හොඳම තැනක්. ඊට අමතරව, වයි ෆයි, කේබල් ටීවී, ඩීවීඩී ප්ලේයර් වැනි නවීන පහසුකම් පවා මෙහි අඩංගුයි.
හෝටලයේදී රස විඳින්නට ලැබෙන්නේ දකුණට ආවේණික වූ ආහාරපානයි. එහිදී අපි සාමාන්‍යයෙන් දැක පුරුදු ආහාරවලට වඩා වෙනස් දකුණටම ආවේණික ආහාර සහ ආහාර අමුද්‍රව්‍ය දැකගන්න පුළුවන්. හැබැයි අමුත්තන්ගේ ඉල්ලීම පරිදි වෙනත් ජාත්‍යන්තර ඉවුම් පිහුම් රටාවේ ආහාර පිරිනමන්නත් හෝටලය සූදානමින් සිටිනවා.
මෙතැන ඉඳන් ලුණුගම්වෙහෙර, උඩවලව හැරුණු විට, යාල, කතරගම, කිරිවෙහෙර, සිතුල්පව්ව, හුම්මානය, කළමැටිය, බුදුරුවගල, රිදියගම සෆාරි සත්වෝද්‍යානය හා කුරුලු පර්යේෂණ ආයතනය, තිස්ස වැව ආදී බොහෝමයක් දකුණේ වැදගත් සංචාරක ස්ථානවලට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්.
- සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ