කෙනකුගේ උදරය, දෙකලව, දෙබාහුව, පපුව, හිස, පිට ප්‍රධාන අංග අටක් වශයෙන් සඳහන් කොට දැක්විය හැකිය. ඉතිරි හැම අංගයක්ම සළකනු ලබන්නේ උපාංග යනුවෙන්ය. ශරීර ලක්ෂණ යැයි කියා ව්‍යවහාර කරන්නේ පෙර ආත්මයක කරන ලද කුසලයන් හෝ අකුසලයන් හේතුවෙන් සුබ හෝ අසුබ ලක්ෂණ වෙන් වශයෙන් දකින්නට ලැබීමයි. මිනිස් සිරුර ගැන කතා කිරීමේදී එය දෙයාකාරයකින් හැඳින්විය හැකිය. එනම් සිරුරේ පිහිටි ලක්ෂණයෙන් බාහිර සහ අභ්‍යන්තර වශයෙන් වෙන්ව හැඳින්වීමට පුළුවන් වීමයි. බාහිර ලක්ෂණ වශයෙන් පැහැපත්කම හා ස්වරාදිය හැඳින්වීම උචිතය. ආශ්‍රය විසින් ඇති කරනු ලබන ලක්ෂණ භාග්‍ය ලක්ෂණයයි. ඕනෑම සිරුරක ලකුණු අට වර්ගයක් වේ. පැහැය, සුළි, ගති, ඡායා, ස්වර අක්ෂර, ගන්ධ, සත්ව ඒ ලක්ෂණ අටයි. ඕනෑම සිරුරක මුල වශයෙන් හැඳින්වෙන්නේ පහත කොටසයි. අතු වශයෙන් හැඳින්වෙන්නේ ඉහළ කොටසයි. පාදාන්තයේ සිට හිස දක්වා මිනිස් සිරුර දෙස බලා ලකුණු පසක් කරගෙන තර්කානුකූලව ජීවිතයේ යථා තත්ත්වය පැවසිය හැක්කේ කෙනකු පුදුමයට පත්වන ආකාරයටයි.
ලකුණු අනුව විමර්ශනය කර බැලීමේදී උසස් රාජ සම්පත්තිය ලැබීමට නම් පාද තලය දහඩිය සහිත විය යුතුය.
උණුසුම් දරුණුවෙත්ද, පියුම් ගොඩක් වගේ පැහැපත්ද, මසින් පිරී ඇත්තේද, සිනිඳු සම තිබේද එවැනියෝ රාජ සම්පත්තිය ලැබීමට අතිශය වාසනාවන්තයෝ වෙති.
යමෙකුගේ පාදය පැහැදිලිව මොළොක් බවකින් යුක්ත නම් එවැනි තැනැත්තන් මුළු පොළෝ තලයටම අධිපති වන බවක් පැවසේ.
දුප්පත් වන තැනැත්තාගේ පාදයේ තලය කෙටි ස්වරෑපයක් ගනී. අධික දුක් විඳීමට සමත්කම් දක්වන්නාගේ පාදය ගොරෝසු බවක් දැක්වේ.
ඇතැම් ස්ත්‍රියකගේ ඇඟිලි කිසිම විටෙක බිම සිප නොගනී. සිරිකතක් (ශ්‍රියාකාන්තාවක්) වාගේ රූප සම්පත්තියෙන් ආඩ්‍ය වීමට නම් ඇගේ දණ තරමක් උස් වී මසින් පිරුණු ස්වභාවයක් පෙන්නුම් කරන තැනැත්තියක් විය යුතුය. දීර්ඝ ලෙස දේහ ලක්ෂණ පරික්ෂා කිරීමේදී ගතිගුණ මෙන්ම සත්‍ය අනාවැකි ද පැවසිය හැකිය.
ස්ත්‍රියක් ඇවිදින විට මස්පිඬු වේගයෙන් රිද්මයට සැලෙයි නම් සැකයෙන් තොරව අභාග්‍ය සම්පන්න තැනැත්තියක් බව පැවසිය හැකි වෙයි. යම් ස්ත්‍රියකගේ කලව යුගල රඹ කඳන් මෙන් දිස්වේ ද ඇයට රජ මෙහෙසියක් වීමේ වරම් ලැබීමට වාසනාව ඇත. බොහෝ ස්ත්රීන්ගේ ලෝම රළු ස්වභාවයක් උසුලයි. ඇය බොහෝ විට දුප්පත් කනවැන්දුම් තැනැත්තියක් වනබව කීමට හැකිය.
පිරැණු සඳක් වැනි රහසඟක් ස්ත්‍රියක සතුනම් එය ඇයට සුබ ලකුණකි. තවද ස්ත්‍රිය වාසනාවන්තියක් වන්නේ මස්පිඬු සුසිනිඳු බවක් දනවන කලකදීය. යස ඉසුරැ සහ මනහර හදවතක් වර්ණවත් වන ස්ත්‍රියගේ ලෝම වර්ණවත් සමට එළියක් ගෙනදෙයි.
ස්ත්‍රියකගේ පියයුරුවල හැඩය පරික්ෂා කිරීමේදී ඇගේ ගති ලක්ෂණ පැවසිය හැකිය. යම් ස්ත්‍රියකගේ පියයුරු තද ගතියෙන් යුක්ත නම් එබඳු තැනැත්තිය ඉතාමත් සුබ ලක්ෂණයන්ගෙන් පොහොසත් වේ.
දරැවන් නොලබන වඳ ස්ත්‍රියකගේ පියයුරු නොයෙක් හැඩවලින් පිහිටයි. ඒ අනුව දරු සම්පත් ඇත්ද නැද්ද යන්න පැවසිය හැකිය. බොහෝ විට ස්ත්‍රිය මිණි මුතු පළඳින, පැළැඳ තිබෙන අවස්ථා ද ඔබ දකින්නට ඇත. එවැනි වාසනාව ඇති ස්ත්‍රියකගේ බෙල්ලේ රේඛා තුනක් තිබෙණු දක්නට හැකිය. යම් ස්ත්‍රියක් වංක ස්වභාවයෙන් කටයුතු කරයි ද ඇයට ස්වභාවයෙන්ම ඇත්තේ දිගු වූ බෙල්ලකි. ස්ත්‍රියකගේ දෙකම්මුල් පිරී ඉතිරී ගිය වැලි තලයක් මෙන් දිස්වේ නම් ඇයගේ සුභ ලක්ෂණ එයින් මනාව පැහැදිලි කළ හැකිය. දෙකට බෙදී ගිය සිනිඳු තොල් සඟලක් යම් කතකට පිහිටා ඇතිවිට ඇයගේ යටි තොල මනහර බවක් පළකරයි. උඩු තොල පරික්ෂා කිරීමේදී මහත්ව පිහිටා ඇත්තේ නම් ඇය කලහ කිරීමට පෙළඹෙන තැනැත්තියකි. වඩාත් ධනය ලබන ස්ත්‍රියකගේ දත් කොඳ මල් මෙන් බබලයි. උඩු හා යටි ඇන්දේ දත්වල සමානත්වයක්, සමබරතාවයක් එසේත් නැත්නම් සමාන දත් ඇත්තේ ද ඇයට ද රාජ්‍ය අනුග්‍රාහිකාවක් වීමට වාසනාවක් ඇත. එසේම ස්ත්‍රියක් තොල් විවර කොට දත් නොපෙනෙන ලෙස සිනාසීම ද අගනේය. නෙළුමක පෙති මෙන් නෙත් තිබේනම් ඇය පරපුරුෂයන් ඇසුරට කැමැති බව පැවසිය හැකිය.
දේහ ලක්ෂණයෙන් සත්‍ය තොරතුරු මෙන්ම කෙනකුගේ චරිත ලක්ෂණ ද පුදුම අයුරින් පැවසිය හැකිය. දේහ ලක්ෂණ අනුව ස්ත්‍රියකගේ චරිතය මෙන්ම අනාගත සෞභාග්‍ය ගැනද පැවසිය හැකිය. දේහ ලක්ෂණයෙන් ස්ත්‍රිය මවන නාරිලතා එවිට ඔබේ පරික්ෂාවට ලක්කර ගත හැකිය. එමගින් ඇය ගැන සත්‍ය ලෙස යමක් ඔබට පැවසිය හැකිය.