අනුරාධපුරය කියන්නේ පුරාණ වෙහෙර විහාරාරාම නටබුන් පිරුණු ඒ වගේම දැවැන්ත වාරි පද්ධතියකින් සමන්විත යුනෙස්කෝ ලෝක උරුමයක්. මේ නිසාම වසරකට අනුරාධපුරය බලා ඇදී යන දෙස් විදෙස් සංචාරකයන් ප්‍රමාණයත් ඉතාම ඉහළයි.
වාසල ලෙෂර් රෙසෝට් කියන්නේ 2018 පෙබරවාරි මාසයේදී විවෘත කෙරුණු අනුරාධපුරයට එකතු වුණු අලුත්ම සුඛෝපභෝගී හෝටලයක්. හෝටලය සතුව නවීන පන්නයේ කාමර 10ක් තිබෙනවා. වායුසමීකරණය කරන ලද මේ කාමරවල මිනි බාර්, තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, කේබල් ටීවී, IDD දුරකථන, වයි ෆයි වගේ ගොඩක් පහසුකම් අඩංගුයි. ඒ වගේම මේ සෑම කාමරයක්ම මුරගල, සඳකඩපහන, නුවර පෙරහර, වෙස් මුහුණු, බතික් ආදී එකිනෙකට වෙනස් තේමාවන්ගෙන් නිර්මාණය කර තිබීමත් විශේෂත්වයක්.
ඉහත කියූ කාමර 10 ඇතුළත සුඛෝපභෝගී Suit කාමර යුගලයකුත් තිබෙනවා. ඒවාට පෞද්ගලික උද්‍යානයක් සහ ජැකූසි තටාකයකුත් හිමියි.
හෝටලයේ ඇති තවත් ආකර්ෂණීය අංගයක් වන්නේ මඟුල් උයනයි. රාජකීය උද්‍යානයක් ලෙස සකසා ඇති මෙහි විවිධ ඖෂධ පැළෑටි වර්ග 200ක් පමණ අඩංගුයි. වාසල රෙසෝට්හි පිහිනුම් තටාකයත් අඩි 60ක් දිග දැවැන්ත තටාකයක්.
මේ ආකාරයට ඉතිහාසයත් නවීනත්වයත් අපූරුවට සම්මිශ්‍රණය කරලා ඉදිරිපත් කර තිබෙන නිසා අවුරුද්දක් තරම් කෙටි කාලයක් තුළ ලොකු ජනප්‍රියත්වයක් හිමිකරගන්නත් හෝටලයට හැකිවෙලා තිබෙනවා.
ආහාර පාන ගැන කතාකිරීමේදී රජ බොජුන් තමයි හෝටලයේ ප්‍රධාන අවන්හල. එතැනදී දේශීය වගේම පෙරපර දෙදිග කෑම වර්ග රුසක් පිළියෙල කෙරෙනවා. ඒ වගේම ‘කතිකාව නම් හෝටලයේ වහලය මත ඇති අවන්හලේදී සැහැල්ලු බීම වර්ග පිරිනැමෙනවා. නිරන්තරයෙන් හමන සුළඟත් අවට හරිත පරිසරයත් එක්ක කාලය ගෙවන්න පුළුවන් කතිකාව කියන්නේත් හෝටලය සතු හරි අපූරැ විශේෂාංගයක් කිව්වොත් නිවැරදියි.
මෙතැන සිට පූජා නගරයට වගේම විල්පත්තුව ජාතික වනෝද්‍යානයට, කලා වැව, අවුකන, රිටිගල, හුරුළු වැව උද්‍යානය, මින්නේරිය, තන්තිරිමලේ වගේ ගොඩක් ස්ථානවලට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්. ඒ වගේම මැදවච්චියේ පිහිටි ඉසින් බැස්ස ගල වගේ අප්‍රකට සංචාරක ස්ථාන කරාත් යා හැකියි.
සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ