සමන් කුමාරතුංග සපරගමුවේ උපන් සපරගමු උරුමය රටට කියාදීමට උත්සාහ කරන විද්වතෙකි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සපරගමු නර්තන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සමන් ඒ පිළිබඳව පර් යේෂණ ලිපි සහ කෘති පළකරමින් රට දැනුවත් කිරීමට උත්සාහ කර ඇත. ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘති දෙකක් පසුගියදා සූරිය ප්‍රකාශන ලෙස නිකුත් කෙරිණි. සපරගමු දවුල සහ සපරගමු නර්තන ප්‍රවේණි එම කෘති ද්විත්වයයි.
සපරගමු නර්තන ප්‍රවේණි කෘතියෙන් කතුවරයා උත්සාහ කරන්නේ අද වනවිට විවිධ බාධක නිසා පරිහානියට යමින් පවතින සපරගමු නර්තන කලාව පිළිබඳ අධ්‍යයනයක යෙදීමටය. සපරගමු නර්තන ප්‍රවේණි ව්‍යාප්තිය සහ එම කලාවට ලැබුණු විවිධ බලපෑම් ඔස්සේ කෘතිය පෙළගස්වන කතුවරයා ඊට පසු බොහෝ දෙනෙක් නොදන්නා සපරගමු නර්තන ගුරුවරුන් ගැන ද විස්තර ඉදිරිපත් කරයි. දෙල්ගොඩ කෝරළේ, පෑලිකඩ පරපුරේ බබානිස්, දොඩම්පේ ගණිත පරපුර, මල්ගහපිටිය තොවිල් පරපුර, මල්ගහපිටිය යක් තොවිල් පරපුර, ගල්ලෙපිට යාග පරපුර, කලවාන ගී මඩු, ආදී වශයෙන් මෙහි පරිච්ඡේද පෙළගස්වා තිබේ. සපරගමු නර්තන කලාව පිරිහීමට හේතු සහ එය දියුණු කිරීමේ යෝජනා ද කතුවරයා යෝජනා කරයි. ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සඳහන් කරන්නේ සපරගමු නර්තන පරම්පරා පිළිබඳ ප්‍රකාශිත පළමු කෘතිය මෙය බවයි.
සිංහල තූර්යවාදන කලාව අතර සපරගමුවට ආවේණික ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය දවුලය. සපරගමු ශාන්තිකර්ම, නර්තන කලාව, පෙරහර ආදියේදී දවුල වාදනය අත්‍යවශ්‍යය. මෙම සංගීත භාණ්ඩය පිළිබඳව කළ දීර්ඝ අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස ලියැවුණු කෘතියකි සපරගමු දවුල
මෙම කෘතිය වූ කලී පංචවාර්ගික පංචතූර්ය ආදී වශයෙන් බොහෝ දෙනා දන්නා විෂය ක්ෂේත්‍රයේ මෙතෙක් භාවිත සාවද්‍ය අර්ථකථන, සාවද්‍ය යෙදුම් හා කතා ප්‍රවෘත්ති පිළිබඳ රචනා කරන ලද තුලනාත්මක ග්‍රන්ථයකි. යැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක සඳහන් කර තිබේ.
පංච වාර්ගික තූර්ය සංකල්ප, ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත දවුල් වාදනය, සපරගමුවේ තූර්ය වාදන සංස්කෘතිය, සපරගමු දවුලේ ව්‍යූහය, දවුලේ ධ්වනි නිෂ්පත්තිය ආදී වශයෙන් පරිච්ඡේද පහක් ඔස්සේ කෘතිය පෙළගස්වා ඇත.
සපරගමු නර්තන කලාව අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට මතු නොව දේශීය උරුමය පිළිබඳ උනන්දු වන කාටත් අපූරු තොරතුරු සම්භාරයක් ලබාදෙන කෘති දෙකක් වශයෙන් මේවා හැඳින්විය හැකිය. සමන් කුමරතුංගගේ සරල බස් වහර සහ රසවත් ඉදිරිපත් කිරීමේ විලාසය ද පාඨක සිත් බැඳ තබා ගනී.
පාඨක