කළුතර දිස්ත්‍රිකයේ ඉංගිරිය කියන්නේ එච්චර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් නොවුණත් මේ ප්‍රදේශය පාරම්පරික රබර් වගාවට නම් ප්‍රසිද්ධයි. කොහොම වුණත් හොරණ රත්නපුර මාර්ගයේ පෝරුවගෙදර මාපුටුගල තමයි Graten Golf Villa සොඳුරු නවාතැන පිහිටලා තියෙන්නේ. ඒ Graten Estate කියන ජනප්‍රිය රබර් වත්තේ කොටසක. සාරවත් රබර් වතු කුඹුරු කඳු පංති සහිත හරිත වර්ණ ගම්බද පරිසරයක් තමා අවට තියෙන්නේ. මෙහි ඉදිවෙලා තියන අපූරු ගෝල්ෆ් පිටිය හැම අතින්නම සුවිශේෂී.
2019 මාර්තු මාසේ ආරම්භ මේ හෝටල් නවාතැන විවෘත වුණේ. කොළඹ ඉඳන් නම් පැය එකහමාරක දුර. ගම්බද නිවාස ලෙස ඉදිකරපු සුඛෝපභෝගී ද්විත්ව කාමර හයකින් මෙය සමන්විතයි. කාමර නම් කරලා තියෙන්නේ කොරවක්කා, පිළිහුඩුවා, කොට්ටෝරුවා, සැළලිහිණියා, කොබෙයියා සහ මොණරා වගේ කුරුළුන්ගේ නම්වලින්. වායුසමීකරණය කරපු මේ නිදන කමරට සුවහසු නාන කාමරත් ඇතුළත්. ඊට අමතරව මිනි බාර් ෆ්‍රී වයිෆයි වගේ තවත් නවීන පහසුකමුත් මෙහි අඩංගුයි.
සාම්ප්‍රදායික විදිහට ඉදිකරපු ආපනශාලාවක් වගේම නාන තටාකයක් මෙම සුන්දරත්වය තවත් වැඩි කරන්න සමත්. දේශීය වගේම ජාත්‍යන්තර ආහාරපාන එක්ක රසවත් අත්දැකීමක් මෙහි එන කාටත් උරුමයි. ඒ වගේම සංචාරකයන්ට කජු පුහුලන් ගස් අද්දර ඉදිවුණ නාන තටාකයත් කුරුල්ලන් ගැවසෙන ගොල්ෆ් පිටියත් එකතු කරන්නේ සොඳුරු අත්දැකීමක්.
Graten Golf Villa ඉදිවෙලා තියෙන්නේ සංචාරකයන්ට සැනසිලිදායක වගේම ත්‍රාසජනක අත්දැකීමක් ලබාදෙන්න. කොළඹ ඉඳන් ඇවිත් ඉතාම කෙටි කාලයකින් ගමේ අසිරිය විඳින්න හැකියාවක් මේ පරිසර තුළ තියනවා. ඒ වගේම මෙහි පිහිටා තියන පාරම්පරික මැටි නිවස අනාගත පරම්පරාවට අව්‍යාජ ගැමි සුන්දරත්වය කියලා මෙහි කාර්ය මණ්ඩලය සඳහන් කරනවා. කාමර සේවාවක් නොමැති වුණත් අවට පරිසර අත්විදිමින් ආහාරපාන අරගන්න මෙහි එන සංචාරකයන්ට පුළුවන්.
මේ නවාතැන අවට ගවේෂණය කරන්න තරම් සුදුසු වනාන්තර පද්ධතියක් තියනවා. ඊට අමතරව මේ අවට ඇති සංචාරක ගමනාන්තයක් ගැන මතක් කළොත් නාච්චිමලේ, දොඹගහකන්ද ආරණ්‍ය සේනාසනය, පාහියංගල ලෙන් විහාරය, කුළු ගඟ බොහොම සුවිශේෂී. අවශ්‍ය නම් මේ ස්ථානවලට ළඟා වෙන්න මග පෙන්වීම් කරන්න Graten Golf Villa කටයුතු කරනවා. රබර් කිරි කැපීම අදී වැවිලි ක්ෂේත්රයේ අත්දැකීම් ද මෙහි දී විඳින්න හැකියාවක් තියනවා.
සනත් වීරසූරිය
සේයා රූ - ශාන් බන්දු වීරසිංහ