2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

Hit Tips

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

මහ වැලි රීච් හෝටලේ කාන්තා තේ පැන් සාදය

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් මේ මාර්තු 04 වැනිදා නුවර මහවැලි රීච් හෝටලයේ විශේෂ තේ පැන් සාදයක් (High Tea) පැවැත්වෙනවා. හවස 4 ඉඳන් 7 වෙනකල් පැවැත්වෙන මේ වැඩසටහනේදී කාන්තාවන්ට වැදගත් වන ගොඩක දේ ගැන දැනගන්න වගේම විනෝදයෙන් කාලය ගෙවන්නත් අවස්ථාවක් ලැබේවි. 

දුනු විදීමේ ලීග් තරගාවලිය

ලංකාවේ පළමු දුනුවිදීමේ ලීග් තරගාවලිය වන “Shoot For A Cause” තරගාවලිය, මාර්තු 04 වැනිදා උදෑසන 8.30ට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙනවා. දයා මිණි මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණුව ලබන විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් ඉන් ලැබෙන සියලු මුදල් යොමුකරන්නත් නියමිතයි.