2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කල්පිටිය වෙරළ අද්දර නිසංසල නවාතැන Melheim Beach

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 175

පුත්තලම කලපුව මායිමේ ඇති කල්පිටිය අර්ධද්වීපය ශ්‍රී ලංකාවේ සුන්දර වෙළර තීරයකකට උරුමකම් කියනවා කිව්වොත් හරියටම හරි. ජල ක්‍රීඩා රුසක අපූර්වත්වය අත්විඳීම වගේම ලන්දේසි බොක්කේ තල්මසුන් නැරඹීම මෙහි එන කාටත් උරුම ජනප්‍රිය අත්දැකීම්. අපි කියන්න යන්නේ මේ වෙරළ තීරයේ පිහිටලා තියන සුන්දර නවාතැනක් ගැන. වැඩි පෞද්ගලිකත්වයකින් නිවාඩුක් ගතකරන්න කදිම තැනක්.

Melheim Beach කොළඹ නගරට කිලෝමීටර් 150 ක් විතර උතුරින් නොරොච්චෝලෙට ආසන්න තිහාලිය ධීවර ගම්මානයේ පිහිටලා තියෙන්නේ. මේ වසරේ පෙබරවාරියේදී විවෘත වුණ නිවාඩු නිකේතනය ශ්‍රී ලංකාවේ නිවර්තන කාලපේ පරිසර සමඟ එක්වුණු කැරිබියානු විලාසිතාවේ නිවාඩු නිකේතනයක්. සුඛෝපභෝගී‍ත්වයේ හා ග්‍රාමීයත්වයේ සුසංයෝගක් මෙහි අන්තර්ගතයි. ඒ නිසාම නාගරිකත්වයෙන් මිදිලා විවේකී නිවාඩුවකට මේ සොඳුරැ ඉසව්වක්. තල් ගස් අතරින් පෙනෙන මහා සාගරයේ දසුන මෙතැනට එකතු කරන්නේ විශේෂිත සෞන්දර්යක්.

වායුසමීකරණය කරන ලද නිදන කාමර, ඉඩකඩ සහිත විසිත්ත කාමර, සැටලයිට් ටීවී ආදී පහසුකම් රැසක් Melheim Beach නිවාඩු නිකේතනයේ පවතිනවා. ඒ වගේම ආසන විසිපහකින් සමන්විත විවෘත අවන්හල, වගේම ආකර්ශණීය පිහිනුම් තටාකය මේ සොදුරු නවාතැනට තවත් අපූර්වත්වයක් එක්කරනවා.

මත්ස්‍ය සම්පතින් ධනවත් වෙළර තීරයක මෙම නිවාඩු නිකේතනය පිහිටා තිබෙන නිසා මුහුදු ආහාරවලින් ඔවුන් බොහොම පොහොසත්. ධීවරයන්ගෙන් සෘජුව මිලදී ගත් නැවුම් මාළු, ප්‍රදේශය ගොවීන්ගෙන් මිලදී ගත් අලුත් එළවළු තමයි අත්දැකීම් ඇති සූපවේදියෙක් අතින් රසවත්ව පිළියෙළ වෙන්නේ. තවත් දෙස් විදෙස් ආහර වට්ටෝරු රැසක් මෙහිදී රස බලන්න පුළුවන්.

පූර්ව දැනුම්දීමක් සමඟ පැමිණෙන සංචාරකයන් මෙම වෙරළ තීරයේ කඳවුරු බැඳීමේ හැකියාවක් තියනවා කියලා Melheim Beach කළමනාකාරීත්වය පවසනවා. ඒ වගේම මෙහි පවතින Private Chalets හය බොහොම විශේෂයි. මේ සියල්ල පෞද්ගලික වෙරළ තීරයක මනාව පිහිටා තියෙන නිසා තමයි මෙහි පෞද්ගලිකත්වය ගොඩක් ඉහළයි කියලා අපි කලින්ම කිව්වේ. සංචාරකයන්ට විවේකී නිස්කලංක අත්දැකීම් විඳින ගමන් සංචාරය කරන්න තැන් වගේම අපූරු ක්‍රියාකාරකම්වල නිරත වෙන්නත් මේ අවට පරිසර කදිමයි.

කුරුල්ලන් නරඹන්නන්ට මේ පෙදෙස විශේෂිතයි. ශීත සෘතුවේ සංක්‍රමණික පක්ෂීන් මේ පෙදෙසේදී දැක ගන්න පුළුවන්. මීට අමතර සංචාරක ආකර්ශණයට හේතු වන තවත් දෑ බොහොමයි. කලපුව ආශිත ධීවර කටයුතු, කලපුවේ බෝට්ටුවෙන් සංචාරය, ගැඹුරු මහුදේ ඩොල්පින්, තල්මසුන් නැරඹීම, ශාන්ත ආනා දෙව්මැදුර, විල්පත්තුවේ සෆාරිය එයින් කිහිපක්. ඉතින් මෙහි එන කාටත් මේ සොඳුරු අත්දැකීම් උරුමයි.

♦ සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00