බ්‍රහස්පති තමාගේ ස්වක්ෂේත්ර රාශිභවනක වූ ධනු රාශියේදී ආපසු ගමන් අරඹා 2019 අප්‍රේල් 23 වන කුජ දින පාන්දර 1.46ට අඟහරැට අයත් වෘෂ්චික රාශියට පිවිසේ. 2019 අගෝස්තු 11 වන දින වක්‍ර ගමන් නවතා සුපුරැදු ගමනින් 2019 නොවැම්බර් 5 වන කුජ දින දක්වාම බ්‍රහස්පති වෘෂ්චික රාශියෙනි ගමන් කරනු ඇත.
මෙම තත්ත්වය අපරට කෙරෙහි අවධානය යොමුකිරිමේදී ආර්ථික වර්ධනයට බාධා ඇතිවන කාලයක් වේ. රජයේ යම් යම් ක්‍රියාවලට විවිධ පාර්ශවවලින් බාධා ගෙනදෙනු ඇත. නාවික කටයුතු සම්බන්ධයෙන් යම් ප්‍රශ්න මතුවනු ඇත. ධීවර කටයුතුවල නියැලි යාත්‍රාවක් අනතුරට පත්වනු ඇත. ගොවිතැන් වලට බාධා ඇතිවෙමින් ස්වභාවික විපත් ද ජල ගැලීම් ද කෘමි හානිද සුළි කුණාටු ද ඇතිවීම සිදුවේ. භූමියේ සෙලවීමක් සිදුවන කාලයක්ද වේ.
විදේශීය වශයෙන් විමසා ලැබීමේදී යම් යම් කටයුතු වෙනුවෙන් ඇතැම් රාජ්‍යයන් විවිධ බදු ඉහළ නංවන කාලයක් වේ. හදිසි ජලගැලීම් ද නාය යෑම්ද වාර්තා වනු ඇත. නීති ක්ෂේත්රයේ ප්රධානියකුට ආගමික නායකයකුට මාරක ඇතිවනු ඇත. බන්ධනාගාර ආශ්‍රිතව ගැටුම්කාරී තත්ත්වයන් ද සමාජසේවා ස්ථාන හා මහජනයා රැස්වන ස්ථානවල හදිසි ගිනි ගැනීම්ද වාර්තා වන කාලයකි.
මේෂ - මූල්‍ය පාඩු
ඔබට එතරම් යහපත් ඵල අත්නොවනු ඇත. විශාල අන්දමෙන් මුදල් වියදම් කර කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතු අතර මූල්‍ය පාඩු ඇති වනු ඇත. තම කාලාත්‍රයාගෙන් යම් යම් දේවල් තමාට ලැබෙන කාලයක් ද වේ.
වෘෂභ - නව නිර්මාණ
ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ඇතිවනු ඇත. අනවශ්‍ය ලෙස මුදල් වියදම් වන කාලයක් ද වේ. ලේඛන කටයුතුවල නිරත අයට නව නිර්මාණ බිහිකිරීමට හැකිවනු ඇත. ශරීරයේ උෂ්ණ රෝගයක් ඇතිවනු ඇත.
මිථුන - තැන්පත් ධනය වැය
තම කාලාත්‍රයාට අසනීප ගති ඇති වන කාලයකි. තමාට එරෙහිව පැවති සතුරු බලවේග හඳුනාගත හැකිවනු ඇත. සේවා ස්ථානයේ වෙනසක් බලාපොරොත්තු වූ අයට තම බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකිවනු ඇත. තැන්පත් ධනය වියදම් වන කාලයකි.
කටක - දරුඵල ලැබේ
යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ඉතා යහපත් වනු ඇත. දරැඵල අපේක්ෂාවෙන් සිටි අයටද තම අපේක්ෂා ඉටුකරගත හැකි කාලයකි.
සිංහ - දේපල හිමිවීම්
ඔබට යහපත් වන අතර ඉඩමක් නිවසක් මිලදී ගැනීමට ද ශුභවන්නාවූත් වකවානුවක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තරඟ ජයගත හැකිවනු ඇත. යම්කිසි හේතුවක් නිසා සිත තිගැස්සීමකට ලක්වීමක්ද වනු ඇත.
කන්‍යා - පවුලේ සතුට
යහපත් කාලයකි. ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වන කාලයකි. පවුල් දිවියේ සතුට සමගිය ඇතිවනු ඇත. ලේඛන කටයුතුවල නිරත අයට නව නිර්මාණ බිහි කිරීමට හැකි වන සමයකි.
තුලා - වචනයේ බලය
ඔබගේ තැන්පත් ධනය වියදම් වන සමයකි. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වන්නාවූත් කාලයක් ද වනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරීයන අතර වචනයේ බලයෙන් අන් අය තමාට නම්මවා ගතහැකි වනු ඇත.
වෘශ්චික - මුදල් ලාභ
ඔබට යහපත් වන අතර හදිසි මූල්‍යමය වාසි අත්වන කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නිතර අයට ඉතා යහපත් වනු ඇත. ආගමික කටයුතු සඳහා වැඩිපුර කාලය යොදවන්නාවූත් සමයක් වනු ඇත.
ධනු - වෛද්‍ය ප්‍රතිකාර
විශාල අන්දමෙන් ධනය යොදවා කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතු අතර මුදල් පාඩුවක් ලබන කාලයක් වේ. ශරීර ශක්තියට ද බාධා ඇතිවෙමින් ප්‍රතිකාර ගැනීමට සිදුවන කාලසීමාවක් ද වනු ඇත.
මකර - සමාජ සේවා
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඉතා යහපත්වන කාලයකි. හදිසි ධනලාභ ද ඇතිවන නමුත් ඉක්මන්කාරී තීරණයක් මත ධන හානියක් ද වනු ඇත. සමාජ සේවා කටයුතු සඳහා ඉදිරිපත්ව කටයුතු කරන කාලයකි.
කුම්භ - තීරණ තිතට හරි
ඔබට ද යහපත් ඵල අත්වන අතර ඔබ ගන්නා තීරණ හරියටම හරියන කාලයක් වේ. නව රැකියාවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ට වන අතර සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මඟහැරි යන කාලයක් ද වේ.
මීන - මංගල යෝග
ඔබට යහපත් වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත අයට ඉතා ශුභ කාලයක් වේ. ආගමික කටයුතු වෙනුවෙන් කාලය ගතකරන සමයක් වන අතර අවිවාහක අයට මංගල යෝග ඇතිවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල