2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

විනාශයට හේතුව අවුරුදු නැකතයි

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

2019.04.14 වැනිදා ප.ව. 02.09ට සිදුවූ අවුරුදු සංක්‍රාන්තිය ඉතා විනාශකාරී බව මම 2019 වසර ආරම්භයේ සිටම ප්‍රකාශ කළෙමි. විවිධ මාධ්‍ය හරහා එය දැනුවත් කළත් බලවත් ග්‍රහ ශක්තිය විසින් අපේ හඬ යටපත් කොට තිබීම නිසා ජනතාවට ඒ පිළිබඳ දැනගැනීමේ අවස්ථාව අහුරා තිබිණ. එසේම මෙම තත්ත්වය ඇතැම් ආරක්ෂක බලධාරීන් ද දැනගෙන සිටියද රටේ විෂමකාරී ග්‍රහ ශක්තිය බලවත් වීම නිසා ඒ බව ජනතාවට සන්නිවේදනය වී නොමැති බව කිව යුතුය.

දැන් ඉතින් කළ යුත්තේ අප විසින් ජ්‍යොතිෂය හරහා තෙවැනි ඇස විවරකොට පවසනු ලබන අනාවැකි කෙරෙහි අවධානය යොමු නොකිරීම හා ආරක්ෂක තොරතුරැ වසන් කිරීමට කුමන ග්‍රහ බලයක් උපයෝගී වූවාද යන්න සොයා බලා මතුවට හෝ දේශය සහ ජන සමාජය විපතින් මුදවා ගැනීමට රාජ්‍ය සහ ස්වේච්ඡා මුර දේවතාවුන් ලවා පිඹුරැපත් සකස් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු සැලසීමයි.

2019 අවුරැදු සංක්‍රාන්තිය සමඟ වෛශ්‍ය ගණ විනාශය යන ශක්තිය ක්‍රියාත්මක වී දැවැන්ත ව්‍යාපාර බිඳවැටීම සිදුවිය. මෙකී ඍණ වේගාත්මක බලපෑම ඊළඟ සූර්ය වර්ෂය දක්වාම වරින් වර ඉස්මතු වෙනවා ඇත. එසේම රටේ ආර්ථික දියුණුව අඩපණ කිරීමටද මෙම බලපෑම හේතුවෙන බව පැවසිය හැකිය.

අවුරැදු සංක්‍රාන්ති නැකතේ පවතින විනාශකාරී විපත අප විසින් කල්තියා එළිදැක්වූ අතර ප්‍රතිඵලය දින හතකදී අත්වින්දෙමු. සංචාරක ව්‍යාපාරය බිඳවැටීම සිදුවූ අතර ඉදිරියේදී රටේ දියුණුව අඩාල වීමට හේතුවෙනවා ඇත.

දැන් පවතිනුයේ ඉදිරි අවදානම් කාලය ප්‍රකාශ කිරීම මෙන්ම ඊට පිළියම් යෙදීමය. ග්‍රහ ශක්තියේ ඊළඟ පිම්ම ජූනි 15 වැනිදාට පෙර පනින්නේය. සියලු වගකිවයුතු අංශ ඊට සූදානමින් සීරුවට පැමිණියහොත් මෙවැනි ජන සංහාරයක් ඇතිවීම යම් පමණකට හෝ අවම කිරීමට හැකිවන බව කිව යුතුය. එසේ නැතිව සියල්ල සිදුවනතුරු බලා සිට කෑකොස්සන් ගැසීම නොව අදාළ පියවර ගෙන ජනතාවට සිදුවන හානිය තරමක් හෝ අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මෙයට අතිරේක වශයෙන් 2019.06.15ට පෙර තැපැල් දෙපාර්තමේන්තු ක්ෂේත්‍රය තුළ විශාල කලබැගෑනියක් ඉස්මතු වී ජනතා පීඩාවක් සිදුවේ. වගකිවයුත්තන් දැන් සිටම පොරවෙන් කපන්නට බලා නොසිට නියපොත්තෙන් කඩන න්‍යාය ක්‍රියාත්මක කර මහජන සුබසාධනය ගැන සිතිය යුතුය.

විවිධ ක්ෂේත්‍ර හරහා ජනතා සෞඛ්‍ය දුර්වල කෙරෙන්නා වූ ස්වාභාවික ප්‍රතිශක්තිය හීනවන්නා වූ පසුබිමක් නිර්මාණය වන නිසා සෞඛ්‍ය බලධාරීන් අවදියෙන් සිටීම මැනවි.

දේශපාලන අධිකාරිය වල්මත් වනු ඇත. දේශපාලන පක්ෂ තුළ ප්‍රබල අවිධිමත් සංවිධාන නිර්මාණය වෙයි. ආණ්ඩුව තුළ ද එසේ සිදුවෙයි. ඒවායේ නායකත්වයන් විසින් දැන් සිටම වහාම ආරක්ෂක උපාය මාර්ග ගනු නොලැබුවහොත් දේශපාලන පක්ෂ ද, ආණ්ඩු ද දෙදරා ගොස් ජනතාව වල්මත් වනු ඇත. මෙකී විපතින් හෙම්බත් විය හැකි ජනතාව ආරක්ෂා කර ගැනීමට සියලු දේශපාලන නායකයන් දැන් සිටම ක්‍රියා කළ යුතුව පවතී.

මහජන ආයතනවල, සුවිශාල කර්මාන්තශාලාවල ප්‍රබල ගිනි විපතක් ඉස්මතු විය හැකි බැවින් විදුලිය, ගෑස් වැනි දේ පරිහරණය කිරීමේදී සැලකිලිමත් විය යුතු අතර වගකිවයුතු නිලධාරීන් අවදියෙන් සිටීම මැනවි.

සමහරැන් උන්මන්තකයන් ලෙස ක්‍රියා කරමින් සියදිවි නසාගැනීම මෙන්ම මරාගෙන මැරෙන ක්‍රියාමාර්ග ද යළි ගත හැකි නිසා වගකිවයුතු සියලු අංශ ඒ කෙරෙහි අවධානය යොමු කිරීමද ඉතා වැදගත්ය. පරාර්ථකාමී චින්තනයෙන් ආත්මාර්ථකාමී චින්තනය බිඳීමට ඉඩ නොදී අවශ්‍ය පියවර ගැනීම වගකිවයුත්තන්ගේ යුතුකම බව සිහිපත් කරමි.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00