2019 මැයි 04 වන සෙනසුරාදා

ස්වයං රැකියා කේන්දරයෙන් හඳුනා ගත හැකියි

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 357

ඇතැම් අය කැමැති ස්වයං රැකියාවක නිරතවන්නටය. ඔවුන් තවත් කෙනෙකු යටතේ වැඩ කිරීමට කැමති නැත. එවැනි රැකියාවකට ගියද වැඩි කාලයක් රඳා පවතින්නේ නැත. දින කිහිපයක් යනවිට කිසියම් හේතුවක් නිසා රැකියාවෙන් ඉවත්වීම සිදුවේ. මෙවැනි අය අමාරුවෙන් හෝ ස්වයං රැකියාවකට යොමුවී යම් දියුණුවක් ලබන බව පෙනේ. පුංචි පුංචි වෙළෙඳාම් වැනි රැකියාවල නිරත වූ අය ධෛර්යමත්ව වැඩ කර කෙටි කාලකින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයන් වූ බවට සාක්ෂි ඕනෑ තරම් ඇත. මෙවැනි තත්ත්වයකට පත්වීමේදී ඔහුගේ කේන්ද්‍රයෙන් ඒ පිළිබඳ සොයා බැලීමට ජ්‍යොතිෂවේදියාට පුළුවන. 

දල කේන්දරයක් හෝ අතට ගත් පමණින් සමහර විට ජන්මියා ස්වයං රුකියා හෝ හවුල් ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නෙක් දැයි අනුමාන කළ හැකිය. යම් කිසිවෙකුගේ කේන්දරයේ 6 දුර්වල වී. 7, 10, 5, 9, 2 යන ස්ථාන වැඩි ග්‍රහයන් නියෝජනයක් දක්වන කල හෙතෙම අනුන් යටතේ වැඩ නොකරයි. ස්වාධීන ආදායම් මාර්ගවල නිරත වෙයි. දැක ඇති මෙවැනි පිහිටීම් ඇති බොහෝ කේන්දරවල එසේම සිදුවී ඇත. 2. ආදායම් මාර්ගද, 6 අනුන් යටතේ කරන රුකියා ද, 10 පරිපාලනමය හා උසස් මට්ටමෙන් කරන රුකියා ද පෙන්වයි.

සමහර අය සුරක්ෂිත භාවය සඳහා රජයේ හෝ වෙනත් ආයතනයක රැකියාවක් කරන අතර ඊට අමතරව ව්‍යාපාරවලද නිරත වී සිටියි.

මෙවැනි හේතු නිසා අනුමානයට ඉඩ නොතබා හැමවිටම උපස්ථානය සෙවීමට පුරැදු විය යුතුය. 7 උපස්ථානාධිපති 7, 10, 2 ප්‍රධාන වශයෙන් නිවේදනය වීම හෝ 10 උපපති 10, 2, 7 නිවේදනය වනවිට හවුල් ව්‍යාපාරවල යෙදෙන්නකු වේ. නමුත් මෙයින් ලැබෙන ලාභ ගැන වගකීමට මෙම භාවයන්ට තනිකරම නොහැකිය. ඒ සඳහා 11 වන භාවයේ තත්ත්වය ගැනද සලකා බැලිය යුතුය. බිස්නස්කාරයන් බොහෝ විට වරින් වර ණය ගනියි. මේ නිසා 6 වෙනි භාවයද මොවුන්ට වැදගත් වෙයි.

සමහරැ එතරම්ම ධන කුවේරයන් නොවූවන් තම ආදායම් මාර්ග සඳහා හවුල් ව්‍යාපාර හෝ ස්වයං රැකියා තෝරාගෙන ඇත. එවැනි කේන්දර කීපයකින් එකක් දැන් අපි සලකාබලමු. 1963.07.02 උපන් කන්‍යා ලග්න (50.6) කේන්දරය සලකා බලමු.

එහි 7 උපපති ශනීය. එම ශනී 5, 6 අධිපති වශයෙන් 5ම තැන්පත් වී 12 සිටින 3, 8 අධිපති කුජගේ නැකතේත් තමාගේම උපස්ථානයේත් පිහිටා ඇත. ශනී 11 නැකැත් සහ උපස්ථාන අධිපතිද වෙයි.

මේ අතර 10 උපපති රවි 10 වෙනි භාවයේ 10 රාහුගේ නැකතේ තැන්පත්ව, 9 සිටින 2 හා 9 අධිපති ශුක්‍රගේ උපස්ථානයක ඇත. රවි සහ රාහු දෙදෙනාටම 7 සිටින 7 අධිපති ගුරැගෙන් දෘෂ්ටියක් ද ඇත. රවි 12 අධිපතියාය. ශනී සිටින නැකත අධිපති කුජ 12 සිටියි. මෙයින් ආයෝජන යෙදීම පෙන්වයි. ශනී 6 ද අධිපති වීම නිසාත් කුජ 6 නැකැත් අධිපති වීම නිසාද මොහු ටික කලක් ආයතනයක රැකියාවක් ද කළේය. එසේ වුවත් ස්වයං ව්‍යාපාර ද අතහැරියේ නැත. දැනට ස්වයං ව්‍යාපාරයක් කරගෙන යයි. මහා පරිමාණ ලාභ අලාභ කෙසේ වෙතත් ඔහු වාහනයක්ද යොදවා සේවකයන් කීප දෙනෙකු ද යොදවා තම ස්වාධීන වෘත්තිය කරගෙන යන්නෙකි.

මෙවැනි ස්වයං රැකියාලාභින් අද අප අතර ඕනෑ තරම් හමුවේ. මෙහිදී උත්සාහය මෙන්ම කේන්ද්‍රය ද බලපාන බව කිවයුතුය.