කෞශල්‍යා ජයලත්ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය කහට ගවුමක අයිතිකාරිය කේ.එස්.පී. ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ. තම ප්‍රථම කවි පොතෙන්ම අනාගතයේ සාර්ථක කිවිඳියක වීමට ඇති හැකියාව ඇය පෙන්නුම් කරන්නීය.
මෙහි කවි පන්ති 51ක් අඩංගු අතර ඒ අතර දුලබ අත්දැකීම් ඔස්සේ කාව්‍යොක්ති ගොඩනැගීමට දැරූ උත්සාහ රැසකි. කිවිඳිය තම පොත අරඹන්නේ පමා වූ පිදුමෙනි. එය කවියක් නොවන කවියකි. බාල වියේ සිටම ඇයට අත්වාරුවක් වූ පියා හදිසියේ මියගොසිනි. මියගිය පියාට මෙම කවිපොත පිදීම සඳහා කෞශල්‍යා කදිම කවියක් රචනා කරයි.
මං යන සැම මඟුල් ගෙදරක
අඬනවා ඔබ දුවව සිපගෙන...
ලොකු දුවත් අඬනව
ඇගෙ මඟුල් ගේ දින
ඔබ බදාගෙන හඬපු පරිදිම...
පියා මියයාමට පෙර ලොකු දුවට දුරකතන ඇමතුමක් ගෙන ඇතත් එදින ඇගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වී තිබුණි. ඒ නිසා කෞශල්‍යා එය හඳුන්වන්නේ නපුරු ජංගමය යන යෙදුමෙනි.
තිබුණාද කියන්නට රහසක්
එදා ඔබෙ ලොකු දුවට...
අසනු රිසියෙන් එය
එදින සිට කිසිදු මොහොතක
ක්‍රියා විරහිත නොකළෙමි මම
මෙහි රතු හැට්ටකාරි කවියෙන් පවසන්නේ පාපතරයකුගේ ග්‍රහණයට පසුව කෙලෙසී මියයන කුඩා දැරියක් ගැනය. ඒ සඳහා කෞශල්‍යා අපූරැ වචන මාලාවක් තෝරාගනී.
කතන්දරයේ වාගෙම
වෘකයෙක් මඟ රැකං හිටියා
රතු හැට්ටෙ රතු පාට තැවරී
තණ පඳුරැ රතු පාට වූවා
කතන්දරයේ වාගේ
තඩි නපුරු වෘකයව පරදා
යළි ගෙදර දිවූ පොඩි කෙල්ලෙක්
මේ කතන්දරේ නම් නැතුවා (12 පිට)
වඩාගන්න අයැදියි.. ළදරැ බිත්තර වී කවිපෙළ ඔස්සේ කෞශල්‍යා උත්සාහ කරන්නේ ගෝනියක දමා තිබෙන බිත්තර වී දකින කෙනකුට මතුවන සුන්දර සිතුවිලි කවියකට නැගීමටයි. ඇය ගෝනියෙන් පිටතට විහිදෙන කිරිපාට වී මුල් දකින්නේ සුදුම සුදු පාට කිරිදත් ලෙසිනි.
පුංචි සිදුරු අතරින් මතු වී
සුදුම සුදු පාට කිරිදත්
පෙන්වා හිනැහී
වඩාගන්නැයි අයදියි
ළදරැ බිත්තර වී (13 පිට)
මං තාම ආදරේ ඒ කළු කෙට්ටු කොළුවට කවිය සමාජයේ බොහෝ දෙනා විඳින අත්දැකීමක් වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමකි. දුප්පත්කමේ සිටි කළු කෙට්ටු කොළුවා වෙනුවට දැන් සිටින්නේ සුපිරි මන්දිරේක වාසය කරන සුදු මහත වූ නළුවෙකි. නමුත් ඔහු තුළ ඉස්සර තිබූ ආදරේ මිණි මුතු නැත. ඔහුට මුල අමතකය.
දැං ඒ ඉරත් නෑ සඳත් නෑ අපෙ මැඳුරට
අහසේ අත වදිනා විට ඔබට මදි වුණි පොළොවෙ වැලිකැට
සුපිරි බිරිඳක් ලෙස ඇවිදිමි සිනාසෙමි පෙනුමට
හිඟන අඟනක් නිදාගන්නී දොරඅඟුළු නොලද මැඳුරක (15 පිට)
අපේ ගම කවිපෙළ තුළින් කෞශල්‍යා ගමේ වෙනස වර්තමානය සමඟ සංසන්දනය කරයි. එහි එතරම් අපූර්වත්වයක් විද්‍යාමාන නොවේ. ගඳ කවියක් තුළින් විස්තර වන්නේ මිනී එම්බාම් කරන ගැහැනියක් පිළිබඳවය. එය දකින විට විමලරතන කුමාරගමගේ හේරත්හාමි නම් මිනී කපන්නා පිළිබඳ කවිපෙළ මතක් වෙයි. හේරත්හාමි ගිනිවතුර බිව්වද හදවත කරැණාවෙන් උතුරයි. මෙහි ගැහැනිය ද මිනී සැතින් කැපුවද මිනී මරන්නියක නොවෙයි. එහෙත් කිවිඳියට මේ කව ලිවීමට නිමිත්ත වන්නේ ඇගේ දෑතින් පිදු පේරැ දානය පන්සලෙන් ප්‍රතික්ෂේප වීමයි.
උකස් කෙරුණු ම හද නිවන
රකුස් සෙනඟ අතර සරන
පිළිකුල් භාවනා දැහැන
බිඳෙන බැඳෙන යළිඳු බැඳෙන (46 පිට)
ඔව් දුවේ.. මේවා ගෙවල් නොවේ, පළමු ගල ගසමි මම, සොයමි.. කොට්ටන් කහට ගවුමක අයිතිකාරිය, ආසා මෙහි එන තවත් අපූරැ කවි කිහිපයකි. තවදුරටත් සතත්‍යාභ්‍යාසයේ යෙදීමෙන් කෞශල්‍යා ජයලත්ට කාව්‍යකරණයේ වඩාත් ඉහළ මංපෙතකට පිවිසීමට ඇති හැකියාව මෙම කෘතිය තුළින් ප්‍රකට වෙයි.
පාඨක