2019 මැයි 18 වන සෙනසුරාදා

දිව පිනවන Gelato Ice Cream රස

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 118

Gelato කිවුවම රස නහර පිනායන්නෙ නැත්තෙ කාගෙද? මේ පාර අපි Gelato Ice Cream රස බලන්න ගියේ Roots gelato හී Colombo City Center එකේ තියන කුටියට. Chocolate, Strawberry, Blueberry, Raspberry වගේ ඕනම රසයකින් ඔබට Gelato Ice Cream තෝරගන්න පුළුවන්.

මම තෝරගත්තු Gelato වර්ග තමයි Pistachio Gelato, Salted Butter Caramel Gelato, Chocolate Hazelnut Crunch Gelato, Blueberry Cheesecake Gelato කියන ඒවා. කියන්න බැරි තරම් රසවත්.

ඒ වගේම ඔබේ අතේ අති මුදලට හරියන්න ඔවුන් අලුතින් Popsicle (Rs.50/Rs.75/ Rs.100) සහ Magnum Sticks (Rs.150) හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම gelato cake ගැන නොකියාම බෑ. විවිධ මිල ගණන් යටතේ තියෙන Gelato Cake කිලෝ එකක් හය දෙනෙකුට විතර රසවිඳින්න පුළුවන්. ඒ වගේම Facebook / Instagram හරහා ඇණවුම් කිරීමේ හැකියාවත් තියෙනවා. දැක්කම හිත ඇදිල යන Gelato Cake එකක් ඔබත් රසවිඳිය යුතුමයි. මොකද Gelato කියන්නෙ ඇබ්බැහියක් වෙන තරම් රසවත් අතුරුපසක්නෙ...

 නාටාෂා ප්‍රනාන්දු පුල්ලේ 
- ඩේලි මිරර් ලිපිය ඇසුරින්