2019 මැයි 25 වන සෙනසුරාදා

කොළඹ හතේ ආදරණීය නිසංසල රසවතා Zylan Boutique Hotel

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

සමහර වෙලාවට නිදහස් නිස්කලංක පරිසරයක් හොයාගෙන කොළඹින් පිට යන්නම ඕන නෑ. Colombo 7, Rosmead Place වල තියන Zylan Boutique Hotel කියන්නෙ ඒ වගේ නිස්කලංක තැනක්. 2010 වසරේ ලංකාවට ආපු Tsui Yan Jin Jennifer කියන චීන චිත්‍ර ශිල්පිනියගේ නිර්මණවලින් අලංකාර වුණු මේ හෝටලය හරිම කලාත්මක ආදරණීය වටපිටාවක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම මේ හෝටලයේ ආරම්භයට හේතුවත් ඇයගේ මේ සාම්ප්‍රදායික කඩදාසි මත කරන මල් පින්තාරු කලාවම තමයි. හෝටලයේ හැම නිදන කාමරයක්ම හැම ශාලාවක්ම වගේ මල් පිපීම සංකේතවත් කරන මේ සිතුවම් වලින් අලංකාර වෙලා තියන්නෙ.

මෙහිදී අනර්ඝ ජපන් ආහාර රසවිඳින්න පුළුවන්. ඒ වගේම Pool එක ළඟට වෙලා ආහාර ගන්නත් Mocktails, Cocktails රසවිඳින්නත් ඔබට පුළුවන්. උඩුමහලේ කාමරයකින් ඔබ අවදි වෙලා උදේ ආහාරයට පහළ මහලෙ Verandah Cafe එකට එන්නෙ ප්‍රබෝධමත් සිනහවකින් ඔබේ මුහුණ සරසගෙන කියල මට සහතික වෙන්න පුළුවන්. ඔබේ උදේ ආහාරය සඳහා හොඳ තෝරාගැනීමක් කරන්නත් මෙතනදී ඔබට පුළුවන්.

1. EGGS BENEDICT WITH AVOCADO, SAUTEED SPINACH "MUSHROOM"
2. COLOSSAL MUSHROOM OMELETTE 
3. FRESH CROISSANT WITH EGG MAYO
4. ZYLAN ENGLISH BREAKFAST
5. OAT WITH FRESH FRUITS
ඒ වගේම Verandah Cafe එකෙන් ආකර්ෂණීය දවල් ආහාරයක් රසවිඳින්නත් පුළුවන්.
1. SPICY PRAWN PASTA
2. THE CLASSIC FISH "CHIPS SERVED WITH FRENCH FRIES"
3. BBQ BEEF BURGER SERVED WITH FRENCH FRIES
4. GARLIC CHICKEN PITA WRAP

ඒ වගේම නැවුම් පාන් සහ කේක් වර්ග සමග පිළිගන්වන පුංචි තේ සාදයකින්  විශාල සැහැල්ලුවක් විඳින්න මෙතනදී ඔබට පුළුවන්. ඒ වගේම නිර්මාංශ හා සීනි රහිත ආහාරත් ඔවුන් සපයනවා. ඉතින් ඔබටත් පුළුවන් නිස්කලංක කලාත්මක ආදරණීය වටපිටාවක දවසක් ගතකරන්න වගේම රසවත් ආහාර රසවිඳින්න මේ Zylan Boutique Hotel එකට ආවොත්.

 ධනූ
you’re my favorite

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00