2019 ජුනි 01 වන සෙනසුරාදා

යාපනේ යනවා නම් මිස් කරන්න එපා.... කැසුරිනා (Casuarina) වෙරළ තීරය

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 136

යාපනය අර්ධද්වීපයේ සංචාරයකදී නොවැරදීම නැරඹීම යුතු ස්ථානයක් විදිහට කැසුරිනා (Casuarina) වෙරළ තීරය හඳුන්වන්න පුළුවන්. සුදුවැලි සහිත යාපනය අර්ධද්වීපයේ සුන්දරතම වෙරළ තීරය ලෙස සැලකෙන්නේ මේ වෙරළ තීරය.

උතුරේ සංචාරය කරනවා නම් යාපනයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කරෙයිනගර්හි පිහිටිලා තියෙන මේ වෙරළට ගොඩවෙන්න අමතක කරන්න එපා. හරියටම කියනවා නම් යාපනය නගරයේ සිට කිලෝමීටර් 27ක් පමණ දුරින් තමයි මේ වෙරළ තියෙන්නේ. පෞද්ගලික වාහනයකින් වෙරළ තීරය සමීපයටම යන්න පුළුවන්. අවශ්‍ය අයෙකුට යාපනය බස් නැවතුම්පළ සිට කරෛයිනගර්වලට බස් එකේ ඇවිත් මෙහි ළඟාවෙන්නත් හැකියාව තියෙනවා. කොහොම වුණත් ගතවෙන්නේ විනාඩි 45ක පමණ කාලයක්.

සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් අද වෙනකොට මේ ප්‍රදේශයේ තියෙනවා. පැමිණෙන අයට අවශ්‍ය ආහාරපානාදියද ලබාගැනීමට ආපන ශාලාවක් පවා විවෘත වෙලා. ජල ක්‍රීඩාවලින් පසුව පවිත්‍ර වීමට අවශ්‍ය ස්ථාන සකස් කරලා. ඉතින් සාමකාමී පරිසර ආශ්වාදය විඳින්න පුළුවන් අපූරු ඉසව්වක් තමයි මේ.

අන්තර්ජාල ඇසුරින් 
සේයාරූ - අන්තර්ජාලයෙන්

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00