2017 මාර්තු 04 වන සෙනසුරාදා

සමලිංගිකයන් කේන්ද්‍රයෙන් හඳුනාගන්න

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2149

සමලිංගික සේවනයෙන් තෘප්තිමත් වීමට මිනිස් ජීවීන්ට අවස්ථාව සලසා දෙන විශ්ව ග්‍රහ ශක්තිය දිනපතාම පෘථිවියට ප්‍රාදූර්භූත වන්නේය. ලෝකය පුරා සමලිංගිකයකු සමඟ එක්වී කාම වින්දනය ලබන දහස් ගණන් ස්ත්‍රී පුරුෂයෝ තමාගේ ක්‍රියාදාමය නිදහසේ නොකඩවා පවත්වාගෙන යති.

සමලිංගික යෝගධාරී ජන්මියාගේ උත්පත්ති ග්‍රහ සටහනෙහි පවතින එකී ග්‍රහ සඵුඨය හා සංවේදීවන ස්ථානයකට ගෝචර ග්‍රහ ශක්තිය ඉලක්ක කෙරෙන දිනයන්හිදී එකී යෝග බලය ක්‍රියාත්මක සමලිංගිකයකු ග්‍රහණය කර ගැනීමට අවස්ථාව සලසා දේ. ලෝකයේ සමහර රටවල මානව අයිතිවාසිකමක් ලෙස සලකා සමලිංගික සේවනය නීතිගත කර ඇත. සමලිංගික සේවන විශ්ව ග්‍රහ කිරණ බලය ප්‍රබල ලෙස පෘථිවියට ඉලක්ක කෙරෙන කාලවලදී ලෝකයේ බොහෝ රටවල් තුළ එය නීත්‍යානුකූල කරවාදෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වන්නේය. අපේ රටේ ද එවැනි ඉල්ලීමක් පසුගියදා ඉදිරිපත් විය.

සිකුරු ග්‍රහයා මීනගේ හෝ කන්‍යාවේ ගෝචරය වන විට මෙකී කතිකාවත සමාජය පුරා රැව්පිළිරැව් දෙයි. 2017.01.27 වැනිදා සිකුරු ග්‍රහයා මීන රාශිගතවී මැයි 27 වැනිදා දක්වාම ගත කරයි. මෙම කාලය තුළදී ශ්‍රී ලංකාව තුළදී ද සමලිංගික සේවන ආන්දෝලනය සමාජගත වේ. ආණ්ඩුවේ පවා මෙකී නින්දනීය ජාලය තුළ වල්මත්වන පසුබිම් නිර්මාණය වන්නේය. නමුත් බොදුබල ආරක්ෂාව ලබන ශිෂ්ඨ සම්පන්න රටක් ලෙස සංස්කෘතිකාංග සුරකින මුරදේවතාවුන් වෙසෙන බැවින් 2017 දී ද මෙම ව්‍යසනය රහසිගතව විනා එළිපිට සිදුකිරීමට අවස්ථාව උදා නොවනු ඇත.

මෙම කාලසීමාවේදී සමලිංගික ගෝචර ග්‍රහ බලය ඉස්මතු වන විට එයට ක්‍රියාකාරී මෙහෙවර ක්‍රියාත්මක කරනුයේ එකී යෝගයෙන් උපත ලබා සිටින ජන්මීන්ය. එම යෝග නිර්මාණය පූර්වාචාරීන් විසින් දක්වා ඇත්තේ පහත සඳහන් අයුරිනි. මේ ශ්ලෝකයේ යෝග දෙකක් පවතී.
දෘව සංස්ථාව සීත සීතෞ පරස්පරාංශෙ
ශෞක්‍රෙවා යදි සම රාශි සම්භවොංශ:
සත්‍රිභි: සත්‍රී මදන විෂානල ප්‍රදීප්තං
සංශාංතිං නයති නරාකෘති සට්තාභි
:

යෝග අංක: 01
ශනි - ශූක්‍ර දෙදෙනා අන්‍යෝන්‍යාංශගතව සිටින්නේද, (සෙනසුරාගේ නවාංශකයේ සිකුරාද, සිකුරාගේ නවාංශකයේ සෙනසුරාද ලැගුම් ගැනීමය.) ; එවිට ශනි, ශුක්‍ර දෘෂ්ටිය ඇත්තේද; 
යන මෙකී යෝගය ඇති ස්ත්‍රිය වෙනත් අඟනුන් ග්‍රහණය කරගෙන පිරිමියෙක් මෙන් හැසිරී තමාගේ මදන විෂ නමැති ගින්න දල්වාගෙන ප්‍රීතිය භුක්ති විඳින්නීය, හෙවත් සමලිංගික සේවනයේ යෙදෙන්නේය.

යෝග අංක : 02
කිවි හිමි වෘෂභ රාශිය හෝ තුලා රාශිය ලග්නය ලෙස උදාවෙද්දී; කැති නැකතේ තුන්වැනි පාදය හෝ සා නැකතේ තුන්වැනි පාදය හෝ ලග්න නැකත ලෙස ක්‍රියාත්මක වන මොහොතේදී උපත ලද පුරුෂ ජන්මියා ද සමලිංගිකයන් ග්‍රහණය කරගෙන තම මදන විෂ නමැති කාම ගින්න දල්වාගෙන කාම තෘප්තියෙන් කුල්මත් වන්නේය.
වර්මානයේ මෙකී ගෝචර ග්‍රහ බලවේගයට කොටුවන ජන්මීන් කිහිප දෙනකුගේ උත්පත්ති ග්‍රහ පිහිටීම් නිරීක්ෂණය කිරීම මගින් මෙම අසම්මත චර්යාවන්ට ගොදුරැ වූ අය හඳුනා ගැනීමට හැකිය.
2016.03.11 වැනි දින උපත ලබා සිටින මෙම ජන්මියා අස්ලිස නැකත හිමිව තුලා ලග්නයේ කුම්භ නවාංශකයෙන් යුතුවෙයි.
ඒ නිසා ලග්න නැකත රාහු හිමි සා නැකතේ තුන්වන පාදයයි.

මේ අනුව සමලිංගික සේවනයේ යෙදෙන ජන්මියකු බවට පත්කිරීමේ මූලික සාධකයක් සපුරා ඇත.
මෙහි ශනි සිකුරු දෙදෙනා අන්‍යෝන්‍ය දෘෂ්ටියෙන්ද යුතුයි. එවිට ශනි ග්‍රහයා සිකුරුගේ අංශකයක් වන තුලා නවාංශකයේ ද සිටී. සිකුරා මකර රාශියේ මේෂ නවාංශකයේ තැන්පත්ය. මෙම පිහිටීම නිසාද ඉහත යෝග තත්ත්වය බලවත් වෙයි.
සිකුරා දකිමින් හත අධිපතියා අටවැන්නේ සිටීම විවාහ දෝෂ මවන පිහිටීමක් ද වෙයි.
නමයපති බුධ නීච වී රාහු සමඟ හයවැන්නේ සිටීම නිසා අස්වාභාවික ලිංගික චර්යාවන්ට ගොදුරැ කරනවාද ඇත.

සා නැකතේ පළමුවන පාදයෙන් 1983.03.30 දින උපත ලබා සිටින ජන්මියෙකි.
තුලා ලග්නයේ කුම්භ නවාංශකයේ බැවින් සා නැකතේ තෙවන පාදය ලග්න නැකතය.
ඒ තුළින් සමලිංගික සේවනයේ යෙදෙවිය හැකි ජීවියකු ලෙස ග්‍රහ බලය විසින් මොහුව උපදවාගෙන ඇත.
විවාහ ස්ථානයේ කුජ+ශුක්‍ර අධිකාම යෝගය නිර්මාණය වී ඇත. එකී සිකුරා නවාංශකයේ නීචය. එකී කුජ ග්‍රහයාට ශනි ග්‍රහයාගේ සප්තම දෘෂ්ටිය එල්ලවෙයි. සාමකාමී විවාහයකට ඉඩ නැත.
ශනි+චන්ද්‍ර යෝගය - ශනි+කුජ දෘෂ්ටිය - සඳු+කුජ දෘෂ්ටිය යනාදිය විවාහ ස්ථානය සම්බන්ධ කර විවාහ පීඩාව ගෙනදීමට නියමිතය.
ශනි+චන්ද්‍ර දෙදෙනාට රාහ්‍ර ග්‍රහයා දෘෂ්ටිය එල්ලකර අසම්මත හැසිරීම් සඳහා මානසිකත්වය ගොඩනගනු ඇත.
සිකුරා නීච වන මෙන්ම උච්ච වන කාලයේදී ඉවසා දරාගත නොහැකි කාම පිපාසාව සමලිංගික එක්වීමෙන් ලබාගන්නා කෙනකු බව මොනවට පැහැදිලි වෙයි.
1953.11.13 දින උපත ලබා සිටින මෙම ජන්මියා අස්විද නැකතින් ඉපදී ඇත.

තුලා ලග්නයේ කුම්භ නවාංශකයේ බැවින් සා නැකත් තුන්වන පාදය ලග්න නක්ෂත්‍රය වෙයි. සමලිංගික සේවන ප්‍රධාන න්‍යාය ඉටු වී ඇත.
කාමබල සිකුරා ලග්නාධිපතියා ද වී රාහු සමඟ සංයෝග වී ඇත. එමෙන්ම මෙම සිකුරා නවාංශක කුණ්ඩලියේ නීච වී සිටිනුයේ කුජ ග්‍රහයාද සමඟය.
තවද විවාහ ස්ථානයේ තැන්පත් සඳුට රවි+කුජ සප්තම දෘෂ්ටිය එල්ල වී විරුද්ධ ලිංගික විවාහ කඩාකප්පල් කරන්නටද කරැණු යෙදේ.
සෙනසුරා සිකුරාට දෘෂ්ටි දී විවාහය ප්‍රමාද කර දැමීමටද කටයුතු කරයි.
සමලිංගික යෝගධාරීන් ඉපිදවීම විශ්ව ග්‍රහ ශක්තියේ පුදුම නිර්මාණයකි. එය නීතිගත කළත් නැතත් අදාළ මනුෂ්‍යයා පෙර භවයේ කළ වරදට දඬුවම අපූරුවට විඳිනු ලබයි. ශිෂ්ඨ සමාජය විසින් ඔවුන්ට අනුපම්පා කළ යුතුවා විනා වෙන මොනවා කරන්නද?

ජ්‍යොතිෂ නන්දන
විශ්වකීර්ති ජ්‍යොතිර්විද්‍යා පණ්ඩිත ශිරෝමනී 
තලගහ - අක්මීමන
සුරා ශ්‍රී ගුණවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00