2019 ජුනි 15 වන සෙනසුරාදා

බිරියානි සුවඳ මැද ඉස්සන් කොත්තු එක්ක රසම රස කෝපි එකක් Ramada Colombo

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

Ramada Colombo කියන්නෙ කොළඹ නගරයේ හදවත වන් ස්ථානයක පිහිටා තිබෙන ඔබට සුඛොපභෝගී අත්දැකීමක් තිළිණ කරන තැනක් කිවුවොත් නිවැරදියි. ඔවුන්ගේ කාර්යමණ්ඩලය නිරන්තරයෙන්ම තම අමුත්තන්ට රාජකීයන්ට මෙන් සත්කාර කිරීමට සැදී පැහැදී  සිටිනවා.

එහි Gardenia coffee shop හී පැය 24පුරා සේවය අනර්ඝයි. මෙහි එන හැම වරකම පාහේ මගේ තේරීම වුණේ prawn kottu. එය ඒ තරම්ම රසවත්. සුවපහසුව හිදගෙන රසවත් දේශීය විදේශීය කෑම වර්ග රසවිදින්න අපූරු තැනක් තමයි මේ. මෑතකදි ඔවුන් Mizu නැමති සම්පූර්ණ ජපන් ආහාර වේලක් හඳුන්වා දුන්නා. ලොව වටා ජපන් අවන්හල්හි සේවය කළ ප්‍රවීණ සූපවේදියකු අතින් නිමැවුණු Mizu ජපන් ආහාරවලට පෙම් බඳින්නන් මවිත කරා කිවුවොත් නිවැරදියි. ඒ වගේම මෙහි එන The alhambra restaurant අපූරු උතුරු ඉන්දියානු ආහාර ඔබ වෙනුවෙන් පිළිගන්වාවි. අවන්හලෙන් හමන බිරියානි සුවඳනම් ඔබේ කුසගින්න තව තවත් වැඩිකරනවා නිසැකයි. Oasis bar එකට යන ඔබට තටාකය ළඟ අසුන්ගෙන බීමක් රස විඳින්නත් හැකියි.

නවීන පන්නයේ සුඛෝපභෝගී කාමර, හිරු කිරණින් ආලෝකමත් වූ හෝටල පරිසරය, සුවපහසු වටපිටාව මිතුරන් සමඟ කාලය ගතකරන්න අපූරු තැනක් යැයි ඔබට සිතේවි. කාර්‍යබහුල උණුසුම් දවසක වුණත් hot buns, ice cream කමින් කාලය ගතකරන්න පුළුවන්. පහළට එන්න තරම් කම්මැලි මොහොතක ඔවුන්ගේ room service එකෙන් ඔබ කැමතිම කෑමක් ගෙන්වාගෙන රසවිඳින්නත් හැකී. ඒ වගේම steam rooms සහ sauna පහසුකම් සහිතව ඔවුන්ගේ gym එකේ සාමාජිකත්වය ලබාගැනීමේ හැකියාවත් තියනවා.

ඉතින් කොළඹ නගරයේ ලැඟුම්ගන්න, සිරි විදින්න සුවපහසුව ගතකරන්න Ramada colombo අපූරු නවාතැනක් වෙවි.

- ධනූ
you’re my favorite

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00