2017 මාර්තු 04 වන සෙනසුරාදා

ආදරණීය හාදු තරග

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

 

හාදුව කියන්නේ ආදරයත් සමඟම බැඳුණු සුන්දර ආචාර ක්‍රමයක් විදිහට සලකන්න පුළුවන්. හැමදේකදිම තරගයක් බලාපොරොත්තු වෙන මිනිස්සු අද වෙද්දි හාදුදීමත් තරගයක් බවට පත් කරගෙන තියෙනවා. Kissing Competitions එහෙමත් නැත්නම් හාදු දීමේ තරග කියන්නේ බටහිර රටවල් බොහෝමයක ජනප්‍රිය වෙලා තියෙන දෙයක්. 

මේකෙදි කරන්නේ තමන් ආදරය කරන කෙනාත් එක්ක හැකි තරම් වේලාවක් දෙතොලට දෙතොල තබාගෙන හාදුවක් දීගෙන සිටීමයි. මේ තරගය කොයි තරම් දිගට ඇදෙනවා ද කියනවා නම් සමහර යුවල පැය ගණන් මේ විදිහට දෙතොල් සිපගනිමින් හාදු තරගයට එක්වෙනවා. සමහර වෙලාවට මේ තරගය තවත් අසීරු වෙන්නේ පිරිමියා විසින් කාන්තාව ඔසවාගෙන හිඳිමින් හාදුව දීමට සිදුවීමයි. යම් හෙයකින් දෙතොල් අතර සම්බන්ධය බිඳුණොත් ඔවුන් තරගයෙන් ඉවත් වෙනවා. 

ගොඩක් වෙලාවට මේ විදිහට තරගයට එක්වෙලා දිනන අයට ලැබෙන්නේ කොහේ හරි ප්‍රේමාන්විත නගරයක නිවාඩුවක් වගේ ඊටම ගැළපෙන අපූරු තෑග්ගක්.