සංචාරක කර්මාන්තයේ දී ගමනාන්තය කියන්නේ බොහොම වැදගත් දෙයක්. ගමනාන්තය යනුවෙන් හඳුන්වන්නේ සංචාරකයා දින කිහිපයක් තිස්සේ නැවතී හිඳිමින් අවට නරඹන ස්ථානයකුයි. අවුරුදු ගණනාවක් තිස්සේ බණ්ඩාරවෙල මෙවැනි සංචාරක ගමනාන්තයක් ලෙස එතරම් පිළිගැනීමකට ලක්වුණේ නැහැ. ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනෙක් බණ්ඩාරවෙලට ගියේ එහි දේශගුණය නිසා පමණයි. නමුත් දැන් තත්ත්වය ඊට වඩා වෙනස් වී තිබෙනවා. විශේෂයෙන්ම හෝටල් කර්මාන්තයේ දියුණුවත් සංචාර ප්‍රවර්ධන කටයුතුත් නිසා බණ්ඩාරවෙලට අලුත් ආලෝකයක් ලැබිලා.
මුහුදු මට්ටමේ සිට අඩි 3800ක් උඩින් පිහිටා තිබෙන බණ්ඩාරවෙල කියන්නේ කඳු වළල්ලක්. වනාන්තර, දර්ශනීය දියඇළි වගේම පුරාවිද්‍යාත්මක ස්ථානත් තේ වතු වගේ බොහෝමයක් නැරඹිය හැකි අත්විඳිය හැකි දේවල් තිබෙන ප්‍රදේශයක්.
බණ්ඩාරවෙල නගර මධ්‍යයට ආසන්නව ෆොක්ස්හිල් සහ ඔහිය - හපුතලේ කඳු වළල්ල දෙසට මුහුණලා පිහිටලා තියෙන ‘9 Arch Resort’ කියන්නේ මෙම ප්‍රදේශයේ සුන්දරත්වය විඳගන්න හොඳම තැනක්. 2016 නොවැම්බරයේදී ආරම්භ වුණු මේ හෝටලයට ‘booking.com’ හා ‘Air B%B’ මගින් ඉහළම නිර්දේශ ලැබිලා තියෙනවා.
සුඛෝපභෝගී තත්ත්වයේ කාමර පහකින් යුත් ‘9 Arch Resort’ හි සියලු නවීන හෝටල් පහසුකම් අඩංගුයි. හෝටලයේ නමට මුල් වී තිබෙන්නේත් එහි සිට මිනිත්තු විස්සක පමණ කාලයකින් ළඟාවිය හැකි සුප්‍රකට ආරැක්කු නවයේ පාලමයි. දේශීය වගේම ජාත්‍යන්තර තලයේ රසවත් ආහාර වර්ග රැසක්ම මෙහිදී ඔබේ කැමැත්ත පරිදි රසවිඳීමේ හැකියාව ඔබ සතුයි. ආහාරපාන ලබාගැනීමේදී විවෘත අවන්හල ඉතාම සුන්දර අත්දැකීමක් සමීප කරනවා. අවට සුන්දරත්වය නරඹන අතරම රසවත් ආහාර වේලක් රසවිඳින්න එමගින් අවස්ථාව උදාවෙනවා.
මේ දේවල් හැරුණු විට බණ්ඩාරවෙල ප්‍රදේශය තුළ ත්‍රාසජනක සංචාරක ක්‍රියාකාරකම්, කෘෂිකර්මාන්තය හා බැඳුණු ක්‍රියාකාරකම්, ඇවිදීම, කුරැල්ලන් නැරඹීම, කඳවුරැ ගැසීම, වනජීවි සවාරි, බයිසිකල් සවාරි, කඳු සයිකල් සවාරි වගේ ගොඩක් ක්‍රියාකාරකම්වලටත් ‘9 Arch Resort’ හෝටලයෙන් පහසුකම් සැලසෙනවා.
සනත් වීරසූරිය
සේයා රූ | නීල් සිරිවීර