2019 ජුනි 22 වන සෙනසුරාදා

Ceylon city හෝටලයේ Sawan පිඟන්

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 162

Sawan කියන්නෙ මුස්ලිම්වරුන් අතර ප්‍රසිද්ධ ආහාරයක්. මුස්ලිම් සංස්කෘතියේ ආරම්භයේ පටන් නොවුණත් අද වනවිට මේ ආහාරය ඔවුන්ගේ සංස්කෘතික අංගයක් වගේ. විශේෂයෙන්ම මේ රාමසාන් දිනවල. හතර පස් දෙනෙක් රවුමට වාඩිවෙලා එකම sawan biriyani එකෙන් ආහාරයට ගන්න විට තමයි එහි නියම රස දැනෙන්නේ.

ඉතින් අපි ආවෙ Ceylon city හෝටලයේ Sawan හොයාගෙන. ඔවුන් biriyani පිළිගන්වන්නෙ sawan එකක. ඒ කියන්නෙ විශාල රිදී පැහැති පළඟානක. මේ biriyani sawan පිඟානක් 6 දෙනෙකුට 8 දෙනෙකුට සෑහෙන බවයි සූපවේදී මහතා පැවසුවේ. නමුත් මට වගේම ඔබටත් දුටු පමණින් සිතේවි මෙය 10 දෙනෙකුට වුවද ප්‍රමණවත් බව.

ඔබට මෙහිදී chicken, beef හෝ mutton බිරියානි තෝරාගත හැකී. අපේ තෝරාගැනීම වුණේ chicken බිරියානි. රෝස්ට් කරන ලද විශාල chicken කැබලි සමඟ බිත්තර, එළවළු, වියළි මිදි, ධාන්‍ය වර්ග ආදී බොහෝ දෑ බත් එකට අන්තර් ගත කරලා තියෙන්නේ හරිම රසවත් විදිහට. ඒ වගේම ඔවුන් sawan එකත් සමග side dishes විදිහට gravy, maldive fish sambol, minchi sambol, green peas and cashews, raitha සහ malay pickle වැනි ආහාර වර්ග කිහිපයක්ම පිළිගන්වනවා. සැබෑ sawan එකක අත්දැකීම විඳගන්න නම් මේ හැමදෙයක්ම මග නොහැර රසවිඳින්න ඕන. තවත් මතක් කළ යුතුම දෙයක් තමයි ඔවුන්ගේ වටලප්පන්. පැණි පිරුණු කටේ දියවෙලා යන ඒ වටලප්පන් රස කවදාවත් අමතක නොවේවි.

Chicken biriyani එකක Rs. 3400කටත් beef biriyani එකක් Rs.3600 ක මුදලකටත් mutton biriyani එකක් Rs. 4300 මුදලකටත් ලබාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කිවයුතුයි ඔබ වියදම් කරන එක රැපියලක් හෝ අපතේ නොයන බව. ඒ තරම්ම රවත් වටිනා ආහාර වේලක්.

බම්බලපිටිය හා ගල්කිස්ස යන නගරවල පිහිටා තියන ceylon city හෝටලයෙන් අවුද්දෙ ඕනම දවසක sawan රසවිඳින්න ඔබට පුළුවන්. පුංචි උත්සවයකට, යාළුවො එකතු වෙන වෙලාවකට සතුටින් sawan රසවිඳින්න පුළුවන් වේවි. අවශ්‍ය නම් sawan ගෙදර ගෙනගොස් රසවිඳින්නත් ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්.

ඉතින් cyclone city හොටලයේ sawan, ඔබේ හිතවතුන් එකතු වුණු වෙලාවකට රසවත් අත්දැකීමක් ගෙන ඒවි.

 Sheshan Dias ගේ life.lk සටහන ඇසුරින්

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00