අතීතයේ පටන්ම ලංකාව තුළ ආයුර්වේද සත්කාරයන්ට ලැබුණේ සුවිශේෂී ස්ථානයක්. එදා ඒ සඳහාම විශේෂ වූ ගම්බිම් පවා දක්නට ලැබුණා. අද අපි කතා කරන වර්තමාන වාද්දුව හෙවත් අතීත වෙදදූවත් එවැන්නක්.
වාද්දුව තල්පිටිය වෙරළට මුහුණලා තිබෙන Life Ayurvedic Resort ගැනයි මේ කතාව. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් සංවේදී සංචාරකයන්ට මේ නම් අපූරු තැනක්. සාමාන්‍යයෙන් මෙහි පැමිණෙන සංචාරකයන් දින දහයකට වඩා ලැගුම් ගන්නෙ දීර්ඝ ආයුර්වේද සත්කාරවලින් නියමාකාරයෙන් ප්‍රතිඵල ලබාගන්න. සති දෙකේ සිට මාසයක් දක්වා කාලයක් මෙහි නවාතැන් ගන්නා සංචාරකයන් සුලබයි.
කාමර 27කින් සමන්විත මෙහි කාමර 9ක් පැරණි garden house wing ගොඩනැගිල්ලේද 18ක් නව ගොඩනැගිල්ලක ද අන්තර්ගතයි. විශේෂයෙන්ම සයුරට මුහුණලා පිහිටි මෙම කාමර ස්වාභාවික ආලෝකයෙන් සමන්විත අතර විචිත්‍රවත් සිතුවම්වලින් අලංකාර වෙලා. සෑම කාමරයක්ම attached bathroom with rain shower enclosure, free Wi-Fi, electronic safe, fan/ AC, a satellite television, mini fridge, tea/ coffee maker, generous toiletries, mosquito nets ආදී තවත් බොහෝ පහසුකම්වලින් සමන්විතයි.
වසර 20ක පමණ අතීතයක් හිමි මෙම ස්ථානය සුනාමි ව්‍යසනයට පෙර සාමාන්‍ය වෙරළ නවාතැනක් වුවද පසුව ආයුර්වේද හෝටලයක් ලෙසින් සංවර්ධනය වුණා. දේශීය ආරට නිර්මාණය වූ මෙහි ආයුර්වේද සත්කාර මධ්‍යස්ථානයට අමතරව නාන තටාකයක්, ප්‍රධාන අවන්හලක් දැකගත හැකියි. Lotus Ayurveda hotel ලෙසද හඳුන්වන මෙම නවාතැනට ජර්මන් ජාතිකයන් ඇතුළු යුරෝපීයන් විශේෂ කැමැත්තක් ඇති බවයි දැනගන්නට ලැබුණෙ.
ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගන්න අතරතුර සත්කාරවලට ගැලපෙන ආහාර රස විඳින්නත් සංචාරකයන්ට පුළුවන්. ආයුර්වේද ස්නාන, යෝගා, භාවනා ඇතුළු විවිධාකාර සත්කාර රැසක් මෙහිදී සපයනවා. ඒ වගේම වෙරළේ සන්ධ්‍යාව ගත කරන්නත් ගම වටා පාපැදි සවාරි යන්නත් සංචාරකයන්ට හැකියි.
ඒ වගේම ඔවුන් නවක ආයුර්වේද සත්කාරකරුවන් නිර්මාණය උදෙසා මාස 3ක පාඨමාලාවක් ද මෙම ස්ථානයේ පවත්වාගෙන යනවා. ඉතින් කාර්යබහුල ජීවිතයෙන් මඳකට නැවතිලා තමන් ගැනම හොයල බලන්න මේ අපූරු නවාතැනක්.
සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ