2019 ජුලි 20 වන සෙනසුරාදා

Burger රස බෙදන බම්බලපිටියේ නවාතැන : උණු උණුවේ කෑම එක්ක Falooda සහ ice milo

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

Street burger කියන්නෙ burger අවන්හලක්. වසර කිහිපයක්ම burger truck එකත් එක්ක කොළඹ අවට හැමෝටම Burger රස බෙදපු ඔවුන් දැන් බම්බලපිටිය කීල්ස් සුපිරි වෙළෙඳසල අසල Marine drive හී රථගාල් පහසුකම් සහිතව  ස්ථිර අවන්හලක් විදිහට නවාතැන් අරගෙන. ඒ 2018 දෙසැම්බර් පළවෙනිදා ඉඳලා. ගෙවුණු මාස කිහිපය තුළ ඔවුන් විශිෂ්ඨ ලෙස සාර්ථකවෙලා තියනවා.

රස වෑහෙන විවිධ බර්ගර් වර්ග ඔවුන්ගෙ මෙනුවෙ අතුළත්. ඒ Rs. 500ත් 1000ත් අතර වගේ මිලකට. ඒ වගේම විවිධ වර්ගයේ අතුරුපසත් ඔවුන්ගේ මෙනුවට ඇතුළත්. විශේෂයෙන්ම මේ උණුසුම් දිනවල street burger එකේ Faloodaa එකට සහ ice milo එකට නම් බෑ කියන්නම බෑ. ඒ වගේම ඔවුන්ගෙ open kitchen සංකල්පයත් අපූරුයි. උණු උණු burger, BBQ  වගේම දිව පිනවන අතුරුපසත් නැවුම්වම ඔබට රසවිදින්න හැකියි. මෙතන අපේ boysලාම කරගන යන අවන්හලක් නිසා විශේෂ විසිතුරු අලංකාර ආටෝප නම් නෑ. හැබැයි හිනාවෙවී බඩපිරෙන්න රසම රස burgers කන්න පුළුවන් කියන එක නම් විශ්වාසයි.

AC කරපු මහල් දෙකේ ගොඩනැල්ලේ පළමු මහල මගේ සිත්ගත්තත් විශාල පිරිසක් සමඟ යන ගමනක් නම් 50දෙනෙකුට පමණ ඉඩපහසුකම් සහිත දෙවැනි මහල තමයි වඩාත් ගැලපෙන්නේ. කෙසේ වෙතත් හොඳින් ආලෝකය සහිත ගොඩනැගිල්ල selfi ඡායාරූපවලට නම් අපූරුයි. ඔබේ මුදල නිසි වටිනාකමක් ලැබෙන street burger අවන්හලෙන් burger කටක් රස නොබැලුවොත් නම් අඩුපාඩුවක් වෙවි.


I ධනූ 
You’re my favorite 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00