දෙදහස් දහනමයේ ජූලි මස 25 වෙනිදා උදේ 5.57ට යෙදෙන බුධ ශුක්‍ර යුද්ධයෙන් සිකුරු ග්‍රහයා පරාජයට පත්වන්නේය. ඒ අවස්ථාවේදී නැගෙනහිර ක්ෂතිජයෙහි කටක ලග්නය උදාවී පවතින්නේය. එකී ලග්න ස්ථානයෙහි නීච අඟහරැ ග්‍රහයා ලග්නාධිපති චන්ද්‍රයා සමඟ පරිවර්ථන යෝගයක් නිර්මාණය කරගෙන නීචභංග රාජ යෝගයකින් තමාගේ බලපරාක්‍රමය විහිදුවා හරිනු ලබන්නේය.
මේ නිසා බලහත්කාරකම් පෙරදැරි කරගනු ලැබූවාවූ ආක්රමණකාරී ක්‍රියා කලාපයන් දිවයින පුරා මනුෂ්‍ය සමාජය තුළ පමණක් නොව තිරිසන් සමාජය තුළ ද ව්‍යාප්ත වී යනු ඇත. කැරළි කෝලාහල තත්ත්වයන්ට ජනතාව පොළඹවා රට තුළ වැඩවර්ජන රැල්ලක් ව්‍යාප්ත කිරීමට මෙකී කුජ ග්‍රහ බලවේගයට පුළුවන්කම පවතින නිසා සියලු වගකිව යුතු අංශ අවදියෙන් සිට සාමාන්‍ය ජනතාව රැකගැනීමට කටයුතු කිරීම යෙහෙකි.
ගොඩනැගිලි මෙන්ම විවිධ ස්ථාන ගිනිගැනීම්වලට ලක්වීමේ අවදානම මෙන්ම අවිආයුධ විපතක් ද මතුකරමින් ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයට ද හානියක් ගෙන දිය හැකිය. ව්‍යාපාරික මෙන්ම ගෘහ ආශ්‍රිතව අනාරක්ෂිත විදුලි මෙවලම්, ගෑස් ආදී ගිනි උපකරණ ද නිසි ක්‍රියාකාරිත්වයකින් යුක්තදැයි පරීක්ෂා කර බැලීමට වගකිවයුත්තන් උත්සුක විය යුතුව ඇත.
ස්ත්‍රී කාරක සිකුරැ ග්‍රහයා, සටනින් පරාජයට පත්වනවා පමණක් නොව මැරවර කාරක කුජටත් බලකාරක රවිටත් ගොදුරු වී සිටි. මේ නිසා බිළිඳියගේ සිට මැහැලිය දක්වාම වන ස්ත්‍රී පක්ෂය දඩබ්බරයින්ගේ මෙන්ම බලවතුන්ගේ ග්‍රහණයට ගොදුරු වී පීඩාවට ලක්වීමේ අවදානමක් පවතී. කාන්තා ආරක්ෂාව සපයන විවිධ අංශ කල්තියාම ආරක්ෂක දැළක් එළුවහොත් සිදුවිය හැකි අපරාධ බොහෝ සෙයින්ම අවම කර ගතහැකි වනු ඇත. ඒ වාගේම කාන්තාවන්ගේ නැගිටසිටීමක් ද මේ හරහා පැනනගින අතරම උසස් ජනප්‍රිය කාන්තාවන්ට ද විවිධ පීඩා ගෙනදිය හැකි බැවින් අයහපත් දශානුදශ ගතකරන කාන්තා පාර්ශවය සුදුසු ගුප්ත ශාස්ත්‍රීයවත් පිළිවෙත්වල නියැලෙන්නේ නම් ඉතා යහපත්ය.
වක්‍ර ගමනේ යෙදෙන නැප්චූන් ග්‍රහයා, ගුරු හිමි පුවපුටුප නැකතේ ගමන් කරමින් සිටී. එයට ගුරැ ග්‍රහයා ද වක්‍රවී ඇත. තවද මාරක අටවැන්නේ ගමන් කරනු ලබන නැප්චූන්ට සෙනසුරාගේ සහ අඟහරුවාගේ මාරක දෘෂ්ටිය ද එල්ල වන්නේය. එපමණක් නොව පෙරළිකාර රාහුගේ දෘෂ්ටියෙන්ද නැප්චූන් පීඩා කෙරේ.
මේ නිසා ගංගා - ඇළ දොළ - මුහුදු - දියඇළි මහා ප්‍රපාත ආශ්‍රිතව සිදුවන භයංකර අනතුරු නිසා දියේ ගිලී මිය යාම් වාර්තා ගත ලෙස ඉහළ යනු ඇත. අත් වැරදීම් මෙන්ම හිතාමතා වාගේම අන් අය විසින් ලබාදීම හේතුකොට ගෙන වසවිෂ ශරීරගත වී මිය යන ජන කොටසක් ඉස්මතු වෙනවා ඇත. නියමිත මාත්‍රාව ඉක්මවා ගිය ප්‍රමාණයකින් ඖෂධ භාවිත කිරීම නිසා ජීවිත හානිවීමේ අවදානමක් පවතී. උමතුවීම් - බෙලහීනකම්වලට නිසි වෛද්‍ය උපදෙස් මත නොගැනීම් වැනි හේතු නිසාද හිතාමතාම සියදිවි නසාගැනීම් නිසාද මනුෂ්‍ය ජීවිත අකාලයේ විනාශ වී යනු ඇත. මේ නිසා සමාජ ක්‍රියාකාරී සෑම වගකිවයුතු අංශයක්ම පිළිබඳව අවධානය යොමුකොට අසරණ වන ජීවිත රුකගැනීමට ක්ෂණික සැළසුම් සකස් කිරීම මැනවි.
චන්ද්‍ර ලග්නයේ තැන්පත් යුරේනස් ග්‍රහයා කේතුගේ අස්විද නැකතේ ගමන් කරයි. ඔහුට කේතුගේද රවිගේද දෘෂ්ටිය එල්ල වෙද්දී රාජ්‍ය ස්ථානයේ මෙකී යුරේනස් කඳවුරු බැඳගෙන සිටී.
මේ නිසා පවතින ආණ්ඩුවට බරපතළ අලුත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවන්නේය. ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ආක්‍රමණයක් රහසිගතව දියත්වන්නේය. ආණ්ඩුවේ ප්රබලයෙකු තවත් ප්රබලයෙකුගේ ඔඩොක්කුවට බිලි බා ගැනීමේ කුමන්ත්රණමය ආකාරයේ මූලික රහස් සාකච්ඡා කීපයක්ම පැවැත්වීමට මෙකී විෂ ග්‍රහ ශක්තිය විසින් අනුබල දෙනු ලබනවා ඇත. ඒවාගේම ආණ්ඩුවේ ශක්තිය සහ ජනප්‍රියත්වය කෙළෙසීමේ කටයුක්තක්ද චන්ද්‍ර+කේතු+යුරේනස් සම්බන්ධය විසින් විද්‍යාමාන කරනු ලබනවා ඇත. ආණ්ඩු විරෝධීන් ප්රබලතියට පත්වන මෙකී ග්‍රහ යුද්ධ අවදියේදී කවුරු කවුරුත් ඉවසිලිවන්තව බුද්ධිමත් තීරණ නොගතහොත් අවසානයේ තැලී පොඩිවී විනාශාභිමුඛයට පත්වන්නේ මුළු මහත් අහිංසක ශ්‍රී ලාංකිකයින්ය.
ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා
පණ්ඩිත ශිරෝමනී