2019 ජුලි 27 වන සෙනසුරාදා

ජාත්‍යන්තර නාට්‍ය අත්දැකීමක්

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 132

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල මෙවර මරදාන එල්පින්ස්ටන් රඟහලේ දී අගෝස්තු 3 සිට 9.00 දක්වා සවස 6.30ට රංගගත වේ. මෙවර උළෙල නම්කර ඇත්තේ ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උළෙල වශයෙනි. විශාල වෙහෙසක් දරා සංවිධානය කරන මෙම උළෙල ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ඉතා පහසුවෙන් ලෝක වේදිකාවේ විශිෂ්ට නාට්‍ය දැකගැනීමට අවස්ථාව හිමිවේ. මේ එහි රංගගත වන නාට්‍ය කිහිපයක් පිළිබඳ විස්තරය.

අගෝස්තු 4දා රංගගත වන අමෙරිකානු නාට්‍යවේදී රොනල්ඩ් රූන්ඩ්ගේ ලෙට් ඉට් බි ආර්ට් ප්‍රහසන සහ ආවේශන තනි පුද්ගල දර්ශනය ඕනෑම ප්‍රේක්ෂකාගාරයකට සහ ඕනෑම වයස් තරාතිරමකටම සුදුසුය. 

අගෝස්තු 04 වැනි දින පකිස්ථානයේ අමීර් නවාස්ගේ බුක් ඔෆ් ලව් නාට්‍යයද රංගගත වේ. මෙහි විශේෂත්වය නම් නිහඬ නාට්‍යයක් වීමයි. කොල්ලෙක් සහ කෙල්ලෙක් මුණගැසෙන්නා වූ පැරණි කතාව බුක් ඔෆ් ලව් තුළින් දෙබස් රහිතව පෙන්නුම් කෙරේ. නාට්‍ය විදහා දක්වන්නේ දරැවෙකුගේ දෘෂ්ටිකෝණයෙන් යුවලකට තමන් කලකට පෙර අත්වින්ඳා වූ රසවත් සහ මිහිරි ආදර ගමන්මඟ, පවුල සහ මව්පිය පදවිය ලැබීම සිහිගන්වන ආකාරයයි.

අගෝස්තු 05 දින රංගගත වන්නේ අමීර් බෂීරිගේ අර්දකානි හොනබරල් ෆැමිලි සහ (ඉරානය) ශ්‍රී ලංකාවේ සචිත්‍ර රාහුබද්ධගේ ඩෝ රේ මී ෆා සෝ ලා ටී කෙටි නාට්‍යයයි. සචිත්‍රගේ නාට්‍යයේ කතා තේමාව මෙසේය. එක්තරා කාලයක මැජික් බලය සහිත සුරංගනා මඤ්ඤා කෙනෙක් විය. ඇයගේ මැජික් බලය යොදාගෙන ඇය කුරැල්ලන්, හිරැ, සඳ සහ දේදුනු වැනි දේ සාදමින් අපගේ ලෝකය ලස්සන කරන ලදී. එක් දවසක ඇය සංගීතය නිපදවූවාය. එහෙත් කෙසේද මෙය මනුෂ්‍ය ලෝකයට යවන්නේ? එය මනුෂ්‍ය ලෝකයේ ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුට දීමට ඇය තීරණය කරයි.

අගෝස්තු 05 වැනි දිනම නලින් ලුසේනාගේ නොකිය හිටපු දෙයක් කෙටි නාට්‍යයද රංගගත වීමට නියමිතය. කුටුම්බ ජීවිතය තුළ දිවිගෙවන නව විවාහක යුවලක් මුහුණදෙන අත්දැකීමක් මගින් වර්තමාන සමාජය තුළ මිනිස් සම්බන්ධතාවයන්ගේ සංකීර්ණ ස්වභාවය මෙම කෙටි නාට්‍ය තුළින් සාකච්ඡා කරයි.

ඔස්ට්‍රියාවේ වැලන්ටයින් අල්ෆරිගේ ද ස්කයි අබව් නාට්‍ය අගෝස්තු 6 දින රංගගත වේ. එය හිප්හෝප් නර්තනවේදිනියකගේ කතා පුවතකි.

අගෝස්තු 06දා තින්ග්ස් ටු වෙයා(ර්) නාට්‍යයද - ජර්මනිය, අගෝස්තු 07 රිහසර් ෆෝ එල්සිනෝර් (බොග්ඩානි ඩෑරී - රැමේනියාව) නාට්‍යයද රංගගත වේ..

අගෝස්තු 07දා ශ්‍රී ලංකාවේ ඩී.කේ. ආටිගලගේ මෙන්න අපේ රජ්ජුරැවෝ කෙටි නාට්‍යය නැරඹීමට පුළුවන. නුවන් ඉතා ආශාවෙන් ඓතිහාසික රෑපවාහිනි වැඩසටහනක් නරඹමින් සිටින අතර ඔහුගේ සොහොයුරිය ඔහුට සෙල්ලම් කිරීමට කතා කරයි. ඔහු ඊට අකමැති වේ. නුවන් රජවරුන් ගැන සිහින දකින විට දළ ඇතෙක් පැමිණ රජ කෙනෙක් නැති රාජධානියකට ඔහු රුගෙන යයි. රාජ සභාව ඔහු සාදරයෙන් පිළිගෙන රජකමට ඔහු පත්කර ගනී. මහළු ඇමැතිවරැන් සමඟ ක්‍රිකට් තරගයක් පවත්වන අතර දෙපාර්ශ්වයම ඉන් අපහසුතාවට පත්වේ. සාර්ථකව සොරකමක් විසඳීම හේතුකොට ගෙන ඔහු ඇමැති මණ්ඩලයේ සිත් දිනාගෙන ඇත. නුවන් රජ සැමවිටම අමාත්‍යවරුන්ට සෙල්ලම් කිරීමට අඬගසයි. දිනක් වෙනත් සතුරු රාජ්‍යයක් මෙම රාජධානිය ආක්‍රමණය කරයි. හමුදා නායකයා යුද හොරනෑව පිඹීමට අණ කරයි. එසේ හොරනෑව පිඹින කල හමුදාව සතුරාට පහර දෙයි. එහෙත් නුවන් රජ පවසන්නේ ඔහු යුද ක්‍රීඩාවලට අකමැති බවත් සැවොම එක්ව කෝච්චි සෙල්ලම කරමු කියාත්ය. යුදමය අවස්ථාවකදී සෙල්ලම් කිරීම නොකළ යුතු අතර කළ යුත්තේ යුද කිරීමයි. එහෙත් නුවන් රජු දිගටම තම සෙල්ලම කරගෙන යයි. ටික වේලාවකට පසු නුවන් රජු හමුදා නායකයාට අණ කරන්නේ කෝච්චිය නැවැත්වීමට හොරනෑව පිඹින ලෙසයි. හොරනෑව පිඹින විට හමුදාව සතුරාට පහර දීමෙන් යුද්ධය දිනයි.

අගෝස්තු 08දා නැරඹීමට ලැබෙන ෆ්යිට් ඔෆ් ෆැන්සි ද ශ්‍රී ලංකාවේ නිමාෂා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි. එයට මිලන් නමැති කුඩා දරැවකුගේ කතාව තේමා කරගෙන ඇත.

අගෝස්තු 08දා ග්‍රීස් යකා රිට(ර්)න්ස් (රජිත හෙට්ටිආරච්චි/ නිෂාන්ත ද සිල්වා) රංගගත කෙරේ. 2014 නිෂ්පාදනය වූ ද්විභාෂා ග්‍රීස් යකා නාට්‍යයේ තේමාව වූ අපගේ සමාජයේ බිය බිහිවන්නේ කෙසේද යන්න තවදුරටත් ගවේශනය කිරීමකි. රංජිත් හෙට්ටිආරච්චි සහ නිශාන්ත ද සිල්වා ලියා අධ්‍යක්ෂණය කළ, ජයම්පති ගුරැගේ සැලසුම් කළ ග්‍රීස් යකා රිට(ර්)න්ස් එම බිය නිසා ඇතිවන්නා වූ පීඩාකාරී සහ සමහර විට විනාශකාරී ප්‍රතිවිපාක පරීක්ෂා කරයි.

 ප්‍රේක්ෂක