මෘදු වැලි ඇතිරිල්ලයි රන්වන් හිරු කිරණයි කැටිවුණු ගාලු පුරයේ එකම තරු පහේ හෝටලය Amari Galle සැබැවින්ම ගාල්ල සුන්දර සංචාරක ගමනාන්තයකි. ඒ නිසාවෙන්ම ඉදිවුණු Amari Galle කියන්නෙ තායි ආරට නිර්මාණය වුණු තැනකි. තායි සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් මුසුවුණු තැනක් කිව්වොත් නිවැරදියි.
Amari Galle වල Ahara gourmet gallery හිදී ඔබට රස විඳින්න පුළුවන් ආහාර බොහෝමයි. දේශීය, ඉන්දියානු, මැදපෙරදිග, බටහිර, ආසියානු වගේම විශේෂයෙන්ම තායි ආහාරත් ඔබ වෙනුවෙන් පිළිගන්වන්න ඔවුන් සූදානම්. විශේෂත්වය තමයි ඔවුන් ආහාර පිළිගන්වන ක්‍රමවේදය. The coral reef, local tuna cardo වැනි බොහෝ ක්රමයන් ඔවුන් සතුයි. සැබැවින්ම අපූරු අත්දැකීමක් වේවි.
විදේශීය අත්දැකීමක් සහිත 70කට අධික සූපවේදීන් පිරිසක් අතින් තමයි Amari Galle හි උසස් තත්ත්වයේ ආහාර නිර්මාණය වෙන්නෙ. iso22000 තත්ත්ව සහතිකයෙන් පවා පිදුම් ලැබූ ඔවුන්ගේ විශේෂත්වය වෙන්නෙ ගොවිපොළේ සිට ආගන්තුකයන්ගේ දීසිය මතට එන තෙක්ම ආහාරවල සුරක්ෂිතභාවය පිළිබඳ ඔවුන් වගකීම දැරීමයි. ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු හෝටලයත් ඔවුන්මයි.
ඔබටත් හැකියි සුන්දර ගාලු පුරේ අපූරු අත්දැකීමක් විඳගන්න Amari Galle එක්ක එකතු වෙන්න.
සටහන සේයාරූ - Life Web ඇසුරින්