රජත පුස්තක සම්මානලාභී මහින්ද කුමාර දළුපොත
මෙවර රජත පුස්තක සම්මාන උළෙලේ හොඳම යොවුන් නවකතා සම්මානය හිමිවූයේ මහින්ද කුමාර දළුපොතටය. ජනශ්‍රැතිවේදියෙක් ලෙස ප්‍රකට මහින්ද යොවුන් නවකතා, ජනශ්‍රැති කෘති, පර්ෙය‘්ෂණ ග්‍රන්ථ රැසක් පළකළ ලේඛකයෙකි.
ඔබේ අලිඩෝලේ යොවුන් නවකතාවට රජත පුස්තක සම්මාන හිමිවීමෙන් ඔබේ යොවුන් නවකතා රචනය ඇගයීමට ලක්වූ බව පේනවා.
රජත පුස්තක සම්මාන හිමිවීම දෙයාකාරයක ඇගයීමක්. මෙතෙක් නොසිටි පාඨක සමාජයක් අලිඩෝලේ පොතට සමීප වුණා. මේ වනවිට මුද්‍රණ තුනක් නිකුත් වී තිබෙනවා. අනෙක් ඇගයීම, අලිඩෝලේ පොතට සමාජමය වටිනාකමක් ආරෝපණය වුණා. පොත නිසා මා වෙතද වටිනාකමක් කාන්දු වුණා කියලා හිතෙනවා. රජත පුස්තක සම්මාන උළෙලේ මට දැනෙන්නේ වටිනාම හා සංවේදීම ඉසව්ව තමයි යොවුන් නවකතාව. කවිය හා කෙටිකතාව මා අවතක්සේරු කරනවා නෙවෙයි. යොවුන් පාඨකයා තමයි හෙට දවසේ හොඳ සාහිත්‍යකාමියෙක් වෙන්නේ. ඒ ඉඩ යොවුන් ඉසව්වට පමණක් වෙන්වෙන්නේ. අලිඩෝලේ සම්මාන ලැබීමත් සමඟ වල් අලි ගැටලුවට සරැ උත්තර හොයන යොවුන් දරැවන් විශාල පිරිසක් ඔවුන්ගේ අදහස පළකරමින් සිටිනවා. ඒ වගේම ඔවුන් කාඩ්බෝඩ් වීරයන් බැහැර කළ අද දවසේ යථාර්ථවාදී ලෝකය හරියට කියවමින් සිටින යොවුන් පාඨකයන්.
මෙයට පෙරත් ඔබ යොවුන් කතා කීපයක්ම රචනා කළත් නිසි ඇගයුමකට ලක් වුණේ නෑ නේද?
ඔව්. පසුගිය වසරේ මා පළකළේ එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම කියන යොවුන් නවකතාවයි. ඊට පෙර වසරේදී පුංචි අන්දරේ පළකළා. එළාර පොත සහමුලින්ම ජනශ්‍රැතියක්. එය ඇත්ත කතාවක්. ඔරුක්මාන්කුලම ගම හැදුණෙත් ඒ නමින් ගමේ වැව හැදුණෙත් එළාර රජතුමා හන්දයි. අපේ ඉතිහාසයේ කොතැනකවත් තියෙන්නේ නෑ එළාර රජු වැව් තැනුවා කියලා. මේ ජනශ්‍රැති කතාම තමයි මම යොවුන් දරැවන් උදෙසා ලියුවේ. මට අවශ්‍ය වුණේ නව පරම්පරාවේ දරුවන්ට එළාර රජතුමා යනු කොයිවගේ කෙනෙක්ද කියලා මේ කතාව මගින් කියාදෙන්නයි. එහි භාෂාව, ජනශ්‍රැති භාවිතාවන් සියල්ල අනුරාධපුර සමාජ සංස්කෘතිය දැනෙන ලෙසයි සකස් කළේ. නමුත් ගොඩගේ සම්මාන උළෙලේදී හා රාජ්‍ය සම්මාන උළෙලේදී අවසන් වටය නියෝජනය කළා. එපමණයි. එය අගය කළානම් සිංහල - දෙමළ ගැටුම වෙනස් මානයකින් කියවාවි.
ඊට පෙර වසරේ ලියූ පුංචි අන්දරේ යොවුන් කතාව මගින් මා වෑයම් කළේ අන්දරේගේ යොවුන් විය කෙසේ වන්නට ඇතිදැයි රටට කියන්නයි. ඒ සඳහා මා අන්දරේ වටා ඇති ජනශ්‍රැති අධ්‍යයනය කළා. මගේ යොවුන් පොත් තුනම මා ලියුවේ ජනශ්‍රැති උරැමයන්ගේ වටිනාකම රටට කියන්නයි. පුංචි අන්දරේ චිත්‍රපටයකටත් නැගුණා.
සමහරු හිතනවා ළමා හා යොවුන් නවකතා රචනය ලේසි බව. ඒ ගැන ඔබේ අදහස?
මෙය ආකෘතිය නැතිනම් වචන උඩින් බලා කවි කියවනවා වගේ වැඩක්. ඉංග්‍රීසි - සිංහල කවියක පිට හැඩය දැක හා මමත් ලියන්නම්කෝ කියමින් පාරම්බාමින් කවි ලියූවට ඒවා කවි වෙන්නේ නෑ. ඇයි ඒ? කවිය ඊට වඩා ගැඹුරු සාහිත්‍ය ආශ්වාදයක්, සමාජ ව්‍යාපාරයක්. යොවුන් මනස ඉතාම සංවේදියි වගේම සංචලනය වන්නේ වේගයෙන්. එසේම යෞවන පාඨකයා රුවටීම ලේසි නෑ.
ගුරුකුල, ඉඟුරු කල්ලිවාද, මතවාද මඩ ගොහොරු යෞවනයට අදාළ නෑ. කතා රසය හා කුතුහලයත් පිළිගත හැකි ආකෘතික රටාවක් අනුව තමයි යෞවනයා පොතක් ළඟට ගන්නේ. සම්මාන දෙන්න පුළුවන්. හැබැයි යෞවනයාට අප්‍රිය නම් ඒ කෘති යෞවන පාඨක ලෝකයෙන් බැහැර වෙනවා. ගැඹුරැ හැදෑරීමකින් තොරව ළමා හා යොවුන් පොත් රචනයට බැසීම ඇවිලෙන ගින්නට පිදුරැ දමන්නා සේ බියකරු වැඩක්. යෞවනයා ඉන්නේ අද සමාජයේ කකුල් තියාගෙන හෙට දවසට නෙත් දල්වාගෙන. අප ඒ යෞවනයා දිනාගත යුත්තේ ඔවුන්ගේ සිතුම් පැතුම් ලෝකයට ගැලපෙන ලෙසිනුයි.
ඉංග්‍රීසි යොවුන් නවකතා බලනවිට පේනවා ඒවා පාඨකයාට ආකර්ශනීය අයුරින් බිහිවන බව. අපේ යොවුන් පොත්වල එවැනි ආකර්ශනීය නිමාවක් දක්නට අමාරැයි නේද?
අපේ රටේ බහුතරයක් නැතිනම් වැඩි පිරිසක් ඉන්නේ වචන රචනාකරැවන් විතරයි. අපේ යොවුන් ලේඛකයා පොත ඉදිරිපත් කරන නිමාව, එහි ඇතුළත හා පිටත අලංකාරය ගැන අඹමල් රේණුවක තරම්වත් හිතන්න දන්නේ නැහැ. මෙතනයි ඉංග්‍රීසි - සිංහල යෞවන කෘති අතර කැපී පෙනෙන වෙනස තියෙන්නේ. කතා රචනයේ ප්‍රස්තුතයට අදාළව කෘතියේ ආකෘතිය හා පිටකවර නිමැවුම ගැන යොවුන් ලේඛකයන්ට අවබෝධය අඩුයි. ඔහේ කතාවක් ලියලා පළකරනවා. ඒක වැරදියි. යොවුන් පොත කියන්නේ යෞවනයා සාහිත්‍යයට කැඳවන මැජික් යෂ්ටියයි. මේ මැජික් යෂ්ටියට කළ නොහැක්කක් නැති තරම්. අපේ රටේ මුද්‍රණ තාක්ෂණය පෙරට වඩා දියුණුයි. හැබැයි යොවුන් ලේඛකයාට නිසි අවබෝධයක් නෑ කලාත්මකව සිය කෘතිය යෞවනයා අතට දෙන්න. මේ සඳහා පොත් ප්‍රකාශකයන් අතර ද මීට වඩා කලාත්මකව හිතන නව මාදිලියේ නැවුම් අදහස් තිබිය යුතුයි. කොටින්ම කියනවානම් මුද්‍රණ කලාව ගැන අවබෝධය ලේඛකයාටත් පොත් ප්‍රකාශකයාටත් තිබිය යුතුයි. ඒ අඩුව නිසා අද යොවුන් පොත් පළවෙන්නේ යන්නම්වාලේ රීතියෙන්.
යෞවනයන් සාහිත්‍යයට පෙළඹවාගත හැක්කේ යොවුන් නවකතාවලටයි. නමුත් අපේ රටේ එවැනි පෙළඹවාලීමේ රාජ්‍ය හෝ පෞද්ගලික වැඩ පිළිවෙළක් නැති බන පෙනෙන්නේ.
යෞවන කියූවිට අවුරුදු නවයේ සිට දහඅට දක්වා පිරිසයි. මේ පරාසය කොටස් දෙකක් විය යුතුයි. නවයේ සිට දහතුන දක්වා ද දාහතරේ සිය දහඅට දක්වා ද විය යුතුය. යෞවන සාහිත්‍යය ඒ අනුවයි පෝෂණය කළ යුත්තේ. අවුරුදු දහඅට කියන්නේ විවාහයට සුදුසුකම් ලබන කඩයිම. මේ පසුබිම තවම අපේ රට හඳුනාගෙන නෑ. අවුරුදු දහය දොළහේ නැතිනම් ශිෂ්‍යත්ව දරුවන් ඉලක්ක කරගෙනයි යෞවන සාහිත්‍ය ලියන්නේ. මෙයත් විසඳාගත යුතු ගැටලුවක්. අනෙක රාජ්‍ය මට්ටමින් සාහිත්‍ය කියවීමට පාසැල් ළමුන් පොළඹවන විධිමත් වැඩසටහනක් දියත් කළ යුතුයි. අපේ අධ්‍යාපනයට ඇමැතිවරු හිටියට අධ්‍යාපනය සහමුලින්ම ටියුෂන් මාස්ටර්ලට පවරා තිබෙන්නේ. ඉතින් කොහෙද සාහිත්‍යයක් යෞවනයන්ට? රජයට මෙය හොඳින්ම කළ හැකි වුවත් එයට අවශ්‍යතාවයක් පෙනෙන්නේ නෑ. යෞවනයා තුළ සාහිත්‍ය ඇල්ම ඇතිකිරීම අද වල්වැදිලා තියෙන්නේ.
කියවීමෙන් ඈත් වී ස්මාට් ෆෝන්වල අතරමං වී සිටින යොවුන් පාඨකයා සාහිත්‍යයට කැඳවා ගතහැක්කේ කෙසේද?
කියවීමෙන් ලැබෙන ප්‍රතිලාභය භුක්ති විඳිය හැකිවන්නේ පෞද්ගලිකවයි. එය සමාජයට නොපෙනෙන සැඟවුණු හිමිකමක්. අද ස්මාට් ෆෝන් සමාජය ඉල්ලන්නේ කැපී පෙනීම, ආකර්ෂණය හා සමාජ අවධානයයි. මේ මනස යෞවන සාහිත්‍යයේ උන්නතියට අපූරැවට යොදාගත හැකියි.
අප යොවුන් සාහිත්‍ය කියවන එහි සැබෑ රසය හා අවබෝධය නැති අය අතර යොවුන් සාහිත්‍ය පාඨක ස්ටාර්ලා බිහි කළ හැකියි. ජාත්‍යන්තර පොත් සල්පිල සමඟ රජත පුස්තක, ස්වර්ණ පුස්තක සම්මාන දෙනවා වගේ පසුගිය වසරේ හොඳම යෞවන සාහිත්‍ය කියවූ හා එහි සැබෑ රසය විඳගත් අය සම්මාන උළෙලවල් සමඟ සමගාමීව අගය කළහොත් දෙස් - විදෙස් සංචාර ලබාදීම, කියවීමේ කඳවුරැ පැවැත්වීම ආදී ආකර්ෂණීය නව ප්‍රවණතාවයක් අද සමාජය ඉල්ලා සිටිනවා. ඔන්න අපි යොවුන් පොත් ගැහුවා. උඹලා කැමතිනම් කියවපල්ලා කියන ගතානුගතික හණමිටිය කරෙන් බිමට දාලා ස්මාට් ෆෝන් සමාජයට මේවා දිය යුතුයි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට ඉතා පහසුවෙන් මේ කාර්යය වාර්ෂිකව කළ හැකියි.
කුසුම්සිරි