2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ලෝක වෙළෙඳපොල අර්බුදයක!

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

ග්‍රහලොව සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ රවිට අයත් සිංහ රාශියට 2019 අගෝස්තු මස 26 වැනි සඳු දින සවස 2 පසුවී විනාඩි 7ට පිවිසෙයි. කේතුට අයත් මා නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් පුවපල් නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රපල් නැකතේ ප්‍රථම පාදයෙන් ද ගමන් කරමින් 2019 සැප්තැම්බර් 11 වැනි බුධ දින පාන්දර 4 පසුවී විනාඩි 59 දක්වාම බුධ සිංහ රාශියෙහි සැරිසරනවා ඇත.

මේ තත්ත්වය පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී ව්‍යාපාරික කටයුතුවල නියැලි අයට දියුණුවක් අත්කර ගත හැකි වන වකවානුවක් වුවද හදිසි පීඩාවක් ද සතුරු උපද්‍රව ද ඇතිවන කාලයකි. මේ කාලයේදී ව්‍යාපාරිකයකුට මාරක ද අත්වනු ඇත. ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න ද අර්බුදකාරී තත්ත්වයක්ද පැන නගින කාලයකි. විදේශ සම්බන්ධතා ගොඩනැගීම සඳහා රාජ්‍ය නායකයන් විදේශ සංචාරවල යෙදෙන වකවානුවකි.

විදේශීය වශයෙන් සලකා බලනවිට සාහිත්‍ය කලා ක්ෂේත්‍රවල නිරත අයට මාරක ඇතිවීම්ද තරැණයන්ට හා ළමයින්ට මාරකවලට මුහුණදීම් ද වැඩි වන කාලයක් වේ. ස්ත්‍රීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටුයුතු කරන කාලයකි. යම් කලා නිර්මාණයක් සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්නයක් පැන නගිනු ඇත. පාසල් හා දරැවන් ගැවසෙන ස්ථානයක් අසල අශුභ සිදුවීම් ද වාර්තා වනු ඇත.

මේෂ - සමාජ සේවයට යහපත්

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට අභුභ ඵල අත්වනු ඇත. සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට ද යහපත්ය. යම් යම් කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා එල්ල කරනු ලබන කාලයකි.

වෘෂභ - සේවා ගැටලු ලිහේ

ඔබට ද යහපත් ඵල අත්වන කාලයකි. ඔබගේ මතයට වැඩ කරමින් බොහෝ කටයුතු රාශියක් සාර්ථක කරගන්නාවූ වකවානුවක් වේ. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත. නිවසේ අලුත්වැඩියාවක් ද කරන කාලයක් වේ.

මිථුන - නව නිර්මාණ බිහි වේ

ලේඛන කටයුතුවල යෙදෙන අයට නව නිර්මාණ බිහි කිරීමට අවකාශ අත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ද ශුභ ඵල අත්වනු ඇත. වෙනත් අය අතර හොඳ හිත වර්ධනය වන කාලයකි.

කටක - උත්සාහයට හොඳ ප්‍රතිඵල

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කළ ද උත්සාහය තුළින් කටයුතු සාර්ථක බවට පත්කරගනු ලබන කාලයකි. ආර්ථික වාසි හිමිවන්නාවූත් කාල සීමාවක් වේ.

සිංහ - හදිසි ධන ලාභ

ඔබට පැවතියා වූ ප්‍රශ්නවලින් මිදීමට හැකියාව  අත්වන කාලයක් වේ. හදිසි ධන ලාභ අත්වන කාල සීමාවකි. තම කටයුතු සාර්ථක ලෙස ඉටුකර ගත හැකි වනු ඇත.

කන්‍යා - ස්ථාන මාරුවක්

ඔබගේ කටයුතුවලට බාධා ගෙන දෙන කාලයක් වන අතර පවුල් දිවියේ පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත. සේවා ස්ථානයෙන් ස්ථාන මාරැවක් අපේක්ෂා කළ අයකු නම් මේ අපේක්ෂාව ඉෂ්ඨ කරගත හැකි වේ.

තුලා - ලැබීම් වැඩි වේ.

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල අත්වන අතර සමාජ සේවා කටයුතුවලින් පාලන කටයුතු තුළින් ද අන් අයගේ සිත් දිනාගත හැකිවනු ඇත.

වෘශ්චික - දුර ගමන් යෙදේ

නව රුකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ වන කාලයක් වේ. දුර ගමන් ඇතිවන අතර අලුතින් ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට පෙළඹෙන වකවානුවක් ද වේ.

ධනු - ප්‍රමාද වැඩියි

කෙටි ගමන් යෙදෙන කාලසීමාවක් වේ. යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. තමන් කිරීමට යන කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාවන් ද ඇති කරන කාලයක් වේ.

මකර - ශරීර පීඩා මගහැරේ

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර යම් යම් වැඩ සඳහා අලුතින්ම අත ගැසීම් කරන්නේ නම් දෙවරක් සිතා බලා කටයුතු කළ යුතු කාලයක් වේ. පැවතියා වූ ශරීර පීවාඩක් මගහැරී යනු ඇත.

කුම්භ - මංගල යෝජනා

හදිසි ශාරීරික හානි ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතු කාලයකි. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක් ද වේ.

මීන - නෑදෑ ප්‍රශ්න එයි

ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශව මගින් බාධා ඇති කරන අතර නෑදෑයන්ගෙන් ද ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. තම කාලත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවන වකවානුවක් වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00