තිස් වසරක යුද්ධයේ නිමාවත් සමඟ උඩවලව ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් විය. උඩවලව ජාතික වනෝද්‍යානයට හා ඇත් අතුරු සෙවණට විනාඩි දහයක පමණ දුරකින් පිහිටන සබරගමු ප්‍රදේශයේ විශාලතම හෝටලය Grand Udawalawa Safari Resort (GUSR) ලෙස හැඳින්වෙයි.
තරු හතරක හෝටලයක් වන GUSR සොබාදහම සමඟ මුසු වූ සුන්දර නවාතැනකි. අදියර දෙකක් යටතේ නිර්මාණය වූ හෝටලය කාමර 79කින් සමන්විතයි. New luxury villas 22ක් suites 4ක් deluxe 24ක් superior rooms 29 ලෙසින් ඒවා වෙන් වෙයි. Wi-Fi, Led TV, hot and cold water, mini bar ඇතුළු නවීන පන්නයේ පහසුකම් බොහෝමයකින් මෙය අංගසම්පූර්ණයි.
එකවර 600කට පමණ ඉඩ සහිත banquet hall 2ක්ද, මොණරා නමින් coffee shop එකක් ඇත්ගල සහ අලිමංකඩ නමින් bar 2ක්ද, පේරාදෙණිය වළ රංග මණ්ඩපයේ ආකෘතියට නිර්මාණය වූ උණ සෙවණ රඟහල, නාන තටාකය හා pool bar ඇතුළු විවිධ සුඛෝපභෝගී පහසුකම් රැසක් ද මෙහිදී ඔබට සපයයි. එමෙන්ම නවතම spa එකක් නිර්මාණය කිරීමේ කටයුතු ද සිදුවෙයි.
පළපුරුදු සූපවේදීන් වන අජිත් කුමාර සහ අනුර විජේසූරිය යන මහත්වරුන් අතින් නිමැවෙන ලොව ඕනෑම වර්ගයක ආහාර රස විඳින්නත් ඔබට හැකියි. සැබැවින්ම ස්වභාවික පරිසරයක් නිර්මාණය වී ඇති නිසාම ජලය හා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ පද්ධතියක් ද මෙහි පවත්වාගෙන යයි. සොබාදහම විඳින්න කැමැති ඔබට වගේම සොබාදහම රකින්න ඕන කියල හිතන ඔබටත් GUSR අපූරු නවාතැනක් වේවි.
සනත් වීරසූරිය